26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

වාට්ටුවේදී මිය ගිය රෝගියාට මොචරියේදී පණ ඇවිත් !

මියගොස් ඇති බවට තීරණය කර මෘත ශරීරාගාරයට දැමු පුද්ගලයෙකුට නැවත පණ ලැබීමේ පුවතක් දියතලාව මුලික රෝහලෙන් වාර්තාවෙයි.
පනස් දෙහැවිරිදි හල්දුම්මුල්ල බෙරගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම පුද්ගලයා මිට දින කිහිපයකට පෙර නහරයක් පිපිරිම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට දියතලාව රෝහලට පැමිණ තිබේ.නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (07) දින එම පුද්ගලයා මිය ගොස් ඇති බවට රෝහල් බලධාරින් පවසා ඇති අතර සිරුර මෘත ශරීරාගාරයට යොමු කර ඇත.

මේ අතර එම පුද්ගලයාගේ වකුගඩු දන් දෙන ලෙස රෝහල් බලධාරීන් ඥාතීන්ගෙන් ඉල්ලිමක් කර ඇති අතර එය ලිඛිතවද ලබා දී ඇති බව වාර්තා විය.
ඒ අනුව රෝගියාගේ සමීපතම ඥාතින් සිය නෑදෑ හිතමිතුරන්ට මෙන්ම අසල්වාසීන්ටද දන්වා ඇත්තේ අදාළ පුද්ගලයා මිය ගොස් ඇති බවයි.පසුව ඊයේ රාත්‍රියේ පටන් ගම්මු අවමගුලට සුදානම් වී තිබේ.අද උදෑසන දේහය මෘත ශරීරාගාරයෙන් පිටතට ගෙන ඇත්තේ ඥාතීන්ගේ එකඟතාව මත වකුගඩු ලබා ගැනීම සඳහාය.එම ශල්‍ය කර්මයට ශරීරය පරික්ෂා කරන අවස්ථාවේ වෛද්‍යවරුන්ට අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා මිය ගොස් නැති බවයි.යුහුසුළුව ක්‍රියාත්මක වූ වෛද්‍යවරු රෝගියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.මේ වන විටත් රෝගියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව වාර්තා විය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල මෙන්ම රෝගීයාගේ සමීපතම ඥාතීන්ද දැන් කරුණු වසන් කරමින් හිඳියි.

Related posts

හෙට පාසල් නිවාඩු..?

Shiran Viraj

තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..

Shiran Viraj

අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Shiran Viraj
Translate »