28.9 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

වධකයන්ට සවන්දෙන්න අපි සුදානම් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

ආණ්ඩුව ජනතාවට සවන්දීමට සුදානම් වුවත් වධකයන්ට සවන්දීමට සුදානම් නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෝමාගම -දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වෙමිනි.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් ආරම්භ කර තිබෙන පන්ති වර්ජනය ඇතුළු විරෝධතාවලින් වෛද්‍ය වෘත්තියේ දියුණු කළ නොහැකි බවයි කිරිඇල්ල මහතා පෙන්වාදෙන්නේ.පෙළපාලි,විරෝධතා ක්‍රියාත්මක කරන්නේ දේශපාලන අරමුණකින් බවත් වධකාගාර පවත්වාගෙන යන අයට රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හෝ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව හෝ තීරණය කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.
“පසුගිය රජය කාලේ පෙළපාලි ගියේ අධිකරණ තීන්දුව පිළිගන්න කියලා.අද පෙළපාලි යන්නේ අධිකරණ තීන්දුව එපා කියලා.රජයට අධිකරණ තීන්දු වෙනස් කරන්න බැහැ.සයිටම් විශ්ව විද්‍යාලය පටන්ගන්න එදා මහින්ද රාජපක්ෂ මහත්මයා මිලියන 600ක් ලබා දුන්නා.එදා කවුරුවත් සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධ වුණේ නැහැ.එදා විරුද්ධ වුණා නම් සුදු වෑන් එකේ තමයි යන්න වෙන්නේ.”
කෙසේ වෙතත් එජාපය නිදහස් අධ්‍යාපනය ආරම්භ කිරීමට මුල් වූවා සේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ආශිකා බ්‍රාහ්මන

Related posts

මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනි

Shiran Viraj

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Shiran Viraj

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

Shiran Viraj
Translate »