28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News Local News News

රුසියානු තානාපති තුමාගේ ප්‍රකාශය

රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් කරනු ලැබූ විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුසියාවේ නිල සංචාරයක නිරත විමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට රුසියාවේ සංචාරයක් සදහා නිල ආරාධනයක් හිමිවන්නේ දශක හතරකට පසුව වීම විශේෂත්වයක් වන අතර 1974 දී එවකට අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි. එබැවින් ලොව බලවත් නායකයෙකු වන රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලැබුණු මෙම නිල ආරාධනය වත්මන් රජයේ විදේශ සබදතාවල ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රීලංකාවට සුවිශේෂි වාසි අත්වන ආර්ථික, වෙළෙද, සංචාරක, විද්‍යා හා තාක්ෂණික, අධ්‍යාපනික හා සංස්කෘතික යන ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කිහිපයකට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයට සමගාමීව අත්සන් තැබීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා අතර පැවත්වෙන නිල සාකච්ඡාවලදී ද දෙරටේ සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබද කරුණු රැසක් සාකච්ඡා කෙරුණු ඇත. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රිරක සබදතා ආරම්භ කර වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට ද ජනාධිපතිතුමා මෙම සංචාරය තුළදී සහභාගීවන අතර දෙරට අතර වෙළෙද හා ව්‍යාපාරික සබදතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිතුමා එක් වෙයි. ඉතා අඩු ණය බරක් සහ ශක්තිමත් අපනයන ආදායමක් ඇති රුසියාව ලෝකයේ විශාලතම ඛනිජ සහ බලශක්ති සංචිතයන්ට හිමිකම් කියන අතර ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත ආර්ථිකයක් පවතී. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රරදායක් පවතින අතර තාක්ෂණික නිමැවුම් පිළිබද දැඩි නැඹුරුවක් පවතී. ශ්‍රී ලංකාව සහ සෝවියට රුසියාව අතර සබදතා ඇරඹෙන්නේ 1956 වසරේදීය. අද වන විට දෙරට අතර ප්‍රරශස්ත ආර්ථික සබදතාවයක් පවතින අතර ශ්‍රීලංකාවේ තේ අපනයනයෙන් 17%ක පමණ වෙළෙදපොළ දායකත්වයක් රුසියාව සපයයි. දෙරට අතර දීර්ඝකාලීන,ඉත්‍රශීලි හා දැඩි විශ්වාසනීය සබදතාවය තවදුරටත් තහවුරු කරමින් දෙරටේ ද්වී පාර්ශ්වික සබදතාවල නව කඩඉමක් සනිටුහන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ඉවහල් වනු ඇත.

 
 

Related posts

මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රී

Shiran Viraj

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි

Shiran Viraj

රන්ජන් අද අධිකරණය හමුවට

Shiran Viraj