2026-09-14
mediahumanrights.lk
EntertainmentEntertainment NewsLocal NewsNews

රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටි

රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටි…
තමාගේ පියා සංගීතය ගැන කිසිවක් ඉගැන්වූයේ නැති බවත් ක්ෂේත්‍රයේ කිසිවෙකු අඳුන්වාදුන්නේ නැති බවත් තමා තංහංචි මැද හොරෙන් සංගීතය ඉගෙන ඩ්‍රම්ස් වාදකනයෙකු වූ බවත් ඊයේ ප්‍රකාශ කළ ලෙලුම් රත්නායක මින් වසර දෙකකට ඉහත රූපවාහිනී නාලිකාවකට පැමිණ මීට හාත්පසින් වෙනස් කතාවක් සිය පියා හා සොයුරා ඉදිරිපිටදීම සිදු කර තිබේ.

ඔහු එහිදී පවසන්නේ තාත්තා ප්‍රමුඛවී කුඩා කාලයේ සිට තමා හා අයියාට ලැබුණ විදග්ධ කලා ඇසුර හා අධ්‍යාපනය තමා මේ සිටින තැනට ගෙනා බවයි. තාත්තා වික්ටර් රත්නායක වීම නිසාම එම වාසනාව ලැබුණ බවත් ඔහු එදා කියා තිබේ.
තමා සර්පිනාව උඩ නැග සිංදුවක් කියන්න උත්සාහ කළ වයස හතරහමාරේ කුඩා කාලයේ පටන් සංගීත භාණ්ඩවලට ගරු කළ යුතු පාඩම පියාගෙන් ඉගෙන ගත් බවත් පසුකාලීනව පියාගේ සම්බන්ධකම් මත විවිධ අවස්ථාවල ගීත ගැයූ අයුරුත් ඔහු කියා සිටී.
ලෙලුම් රත්නායක නම මුල්වරට වඩාත් ප්‍රකට කරවූ අඹ යාළුවෝ ටෙලි නාට්‍යයෙහි ‘පාන තියා බුදු සාදුට‘ ගීතය ඔහු ගායනා කළේ තාත්තාගේ සම්බන්ධකම් නිසා පාසල් සමයේදී බවත් ඔහු ස්තූතිපූර්වකව සිහිපත් කර තිබේ.

Related posts

ලබන වසරේ ඔබට ලැබෙන්න යන නිවාඩු 26 ගැන දන්නවාද?නැත්තම් දැන්ම බලන්න

Shiran Viraj

රජවාස ජනපති අතින් විවෘත කරයි…

Shiran Viraj

මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා.. ‘Thats my boy’ කියනවා වගේ..- දිල්කා සිඩ්නි සිට

Shiran Viraj
Translate »