31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
International NewsNews

මෛත්‍රී-පුටින් මිත්‍රත්වය නව කඩඉමක් වේවි!

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර ගොඩනැඟී ඇති සමීප මිත්‍රත්වය දෙරටේ ද්වී පාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉගෝර් මොගියුලොව් මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශ්වික සබඳතාවලට හැට වසරක් සපිරීම නිමිත්තෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු නිල සංචාරයට ගෞරවයක් වශයෙන් පැවැති විශේෂ සැමරුම් උත්සවයකදී  ඔහු මෙම අදහස් පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රුසියාව සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව සමඟ සිටින බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
අවශ්‍ය සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර තලයේදී ද ශ්‍රී ලංකාවට සහය දැක්වීමට රුසියාව සූදානම් බව  රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට

Shiran Viraj

අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..

Shiran Viraj

මෙවර අයවැයෙන් රට අතීතයට ගෙනයන බව මුදල් ඇමති කියයි

Shiran Viraj
Translate »