28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
LIFE LIFE NEWS News

මේ දවස්වල සීතල නිසා කැස්ස හොඳවෙන්නේ නැහැ!

ශිරාන්, සෙම්ප්‍රතිශ්‍යාවට ඛෙහෙත් ගන්න ආවේ මීට සතියකට ඉස්සර වෙලා. දැන් එයාගේ ප්‍රශ්නය දිගටම තියෙන තදබල කැස්සයි. සමහර විට රාත්‍රිය පුරාවටම කහිනවා. තමන්ට සෑදුණු සෙම්ප්‍රතිශ්‍යාවෙන් පස්සේ දිගටම පවතින කැස්ස ගැන ඔහුට තිබුණේ කුතුහලයක්. අද අපි මේ ගැන කතා කරමු.
සෙම්ප්‍රතිශ්‍යාව (Common cold) කියන රෝග තත්ත්වය ඉතාමත් බහුලව දකින්න ලැඛෙන, විශේෂයෙන් මේ දවස්වල සීතල කාලගුණයත් සමඟ වේගයෙන් පැතිරී යන දෙයක්, අපට විවිධ රෝග සඳහා රෝග කාරක ර්‍ණවිෂබීජ” වර්ග කාණ්ඩ කිහිපයක් දකින්න ලැඛෙනවා. වෛරස, බැක්ටීරියා, දිලීර, ඒක සෛලික ප්‍රොටසෝවා කුඩා කෘමි වර්ග මේ අතර ප්‍රධාන වෙනවා. මේවා අතරින් ර්‍ණවෛරස” නම් වූ විෂබීජ කාණ්ඩයට අයත් ජීවින් කොටසක් මඟින් තමයි. අද අපි කථා කරන ර්‍ණසෙම්ප්‍රතිශ්‍යාවර්‍ණ සෑදෙන්නේ. සෙම්ප්‍රතිශ්‍යාව සාදන වෛරස් වර්ග බොහෝගණනක් සමහර විට 200ක් පමණ දකින්න ලැඛෙනවා. නමුත් ඒ අතරින් බහුලව හේතු වන්නේ ර්‍ණරයිනො වෛරස” (Rhinoviruses) කියන කොට්ඨාශයයි. අපි කවුරුත් අත් දැක ඇති පරිදි මෙම සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන රෝග ලක්ෂණ අතර කිවිසුම් යාම, සොටු දියර ගැලීම, උගුරේ වේදනාව, කැස්ස හා සමහර විට උණ ප්‍රධාන වෙනවා. මෙම රෝග ලක්ෂණ දින 7 -10 අතර කාලයක් පවතිනවා. මේවායින් සමහර රෝග ලක්ෂණ, උදාහරණයක් ලෙසට කැස්ස සති 2 -3 පමණ දක්වා පැවතිය හැකි වෙනවා. අද අපි කතා කරන ර්‍ණකැස්ස” කියන රෝග ලක්ෂණය සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු අයගෙන් 50% පමණ දෙනාට පවතිනවා. ඒ වාගේම සඳහන් කළ යුතු වන්නේ ර්‍ණඋණ” කියන රෝග ලක්ෂණය බොහෝවිට දකින්නට නොමැති වීමයි. කුඩා ළමුන් සඳහා ර්‍ණඋණක්” ලෙස රෝගය දකින්න ලැබුණත්, වැඩිහිටියන්ට ර්‍ණඋණ” පිට දැමීමක් දකින්න ලැඛෙන්නේ නැහැ. මඳ උණක් හෝ ශරීරගත වේදනාවක් ප්‍රධාන ලෙස දකින්න ලැඛෙනවා. වැඩිහිටියන්ට ඉතා තද උණ සමඟ තද කැස්සක් ඇතිවිට ර්‍ණඉන්ෆ්ලුවෙන්සා” රෝගය (ඉන්ෆ්ලුවෙනසා නම් වූ වෛරසය මඟින් ඇති කරන සෙම්ප්‍රතිශ්‍යා උණ) පිළිබඳ සැක කළයුතු වෙනවා. නමුත් මතක තබාගත යුතු වන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා ඉන්ෆ්ලුවෙන්සා නැමැති තරමක් අසාධ්‍ය වන සෙම්ප්‍රතිශ්‍යාව අතර බොහෝ සමානකම් ඇති බවයි. මේ නිසාම රෝග ලක්ෂණ තදින් ඇතිවිට ඒ පිළිබඳ කලබල විය යුතු නැහැ. වෛද්‍යවරයකු හමු වී ඒ පිළිබඳ සාකච්ඡා කරගත යුතු වෙනවා.
සෙම්ප්‍රතිශ්‍යාවේදී ර්‍ණකැස්ස” වැනි රෝග ලක්ෂණ ඇතිවන ආකාරය ගැන විමසා බලමු. අපගේ ශරීරය තුළට කිසියම් විෂබීජයක්, ආගන්තුක දෙයක් ඇතුල් වූ විට, එයට විරුද්ධව ශරීරය තුළ ර්‍ණසටනක්” ආරම්භ වෙනවා. මෙම ර්‍ණසටන” සිදු කරනු ලබන්නේ ශරීරය තුළ ඇති ර්‍ණප්‍රතිශක්තිකරණ පද්ධතිය” නම් වූ ආරක්ෂක හමුදාව මඟිනුයි. මෙම සටන ර්‍ණප්‍රදාහය (ප්‍රදාහය) Inflammation ලෙස හඳුන්වනු ලබනවා.
ඉතිං මේ අද අපි කතා කරන සෙම්ප්‍රතිශ්‍යා රෝගයේදීත් ශරීරයට ඇතුල් වූ වෛරසය සමඟ ඇති කරගන්නා සටනේ ප්‍රතිඵලයක් ලෙස ඒ ඒ රෝග ලක්ෂණ හට ගන්නවා. නාසය තුළ සිදුවන සටනේදී සොටු ගැලීම, කිවිසුම් යාම, නහය සිරවීම ආදියත්, ඇස්වල දී ඇස් රතු වීමත්, උගුරේදී උගුරේ වේදනාවත්, පෙනහලු හා ස්වසන මාර්ගයේදී කැස්ස, පපුවේ හතිය වැනි රෝග ලක්ෂණ ඇති වීමත් සිදුවෙනවා. මෙහිදී විශේෂයෙන් කැස්ස අවසාන රෝග ලක්ෂණ ලෙස මතු වී සාමන්‍යයෙන් සති 2 -3 පමණ දක්වා පවැතිය හැකි වෙනවා. සමහර පුද්ගයන්ගේ, විශේෂයෙන් පපුවේ පීනස, පපුවේ මහන්සිය, පපුවේ කැස්ස ආදී ලෙස නිරන්තර පපුවේ සෙම් රෝග Wheeze,Asthma සෑදෙන කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට මෙම වෛරසය සුව වීමෙන් පසුව පවා Post viral couhor Wheeze ලෙසට හඳුන්වන දිගටම පවතින කැස්ස, හතිය ඇතිවිය හැකි වෙනවා. මේ නිසා නිරන්තරයෙන් පපුවේ සෙම සෑදෙන දරුවන්, වැඩිහිටියන් මේ දිනවල පවතින සෙම්ප්‍රතිශ්‍යා රෝගයෙන් පසුව තමන්ගේ සුපුරුදු රෝග ලක්ෂණවල වැඩිවීමක් හෝ කාලයට පසුව එම රෝග ලක්ෂණ නැවත ඇති වීමක් (කැස්ස, පපුවේ මහන්සිය වැනි) දකින්නට ලැබුණහොත් කලබල විය යුතු වන්නේ නැහැ. නිසි වෛද්‍ය ප්‍රතිකාර මඟින් එම තත්ත්වය පාලනය කළ හැකි වනවා.
කාලාතුරකින් වෛරස ආසාධනය නිසා එකතු වූ ර්‍ණසෙම” හෝ වෛරසය ආසාධනය වූ ප්‍රදේශය ර්‍ණබැක්ටීරියා” නම් වූ විෂබීජ කාණ්ඩය මඟින් ර්‍ණපැසවීමකට” ලක්විය හැකි වනවා. මෙහිදී වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ඖෂධ නියම කරනු ලබනවා. මේ කාරණය නිසාද කැස්ස රෝග ලක්ෂණය වැඩිපුර දැකිය හැකි වනවා.
ඉතිං සෙම්ප්‍රතිශ්‍යා උණ රෝගයෙන් පසුව ර්‍ණකැස්ස” ඇතිවීම හා දිගටම පැවතීම ගැන පාඨක ඔබ දැනුවත් වෙන්න ඇති කියා මම හිතනවා.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි.

Related posts

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

Shiran Viraj

කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අද

Shiran Viraj

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Shiran Viraj