mediahumanrights.lk
Local News News

මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ

රුපියල් මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී සොයාගෙන තිබෙනවා.
ගෘහ භාණ්ඩ අතර සගවා  මෙම සිගරට් තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි රේගු මධ්‍යම විමර්ශන කාර්යාංශය පවසන්නේ. මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව වෙත ඒවා යැවීමට සූදානම්කර තිබූ බවද හෙළිව තිබෙනවා. මෙම කන්ටේනරයෙහි ලී භාණ්ඩ අඩංගු බවට ලියකියවිලි ඉදිරිපත් කර තිබුණා. බහාලුම පරීක්ෂා කිරීමේදීයි ඒ තුළ සිගරට් ඇති බව හෙළිව ඇත්තේ. ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි රේගු අංශ සදහන් කරන්නේ.

Related posts

කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්

Shiran Viraj

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයි

Shiran Viraj

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

Shiran Viraj