32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනපති මෛත්‍රීපාලට විරුද්ධ නෑ – ආණ්ඩුවේ වැඩවලටයි විරුද්ධ – බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ වන්නේ පුද්ගලයන්ට නොව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඔහු ට එරෙහිව පවරා තිබූ නඩු දෙකක් කොළඹ මහාධිකරණයේදී ඊයේ(29)කැදවනු ලැබු අවස්ථාවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින්.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 36 දශම 5ක මුදලක් වැය කර ජී. අයි. පයිප්ප බට මිලදී ගෙන පළාත් පාලන ආයතනවලට බෙදා හැරීම ඇතුළු චෝදනා 03ක් යටතේ හිටපු අමාත්‍යවරයාට අමතරව දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නඩු පවරා තිබුණා.
පසුගිය 08 වැනිදා මෙම නඩුව කැදවු අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇපකරුවන් ඉදිරිපත් කිරීමට ඊයේ(29) දක්වා කාලය ලබාදී තිබූ අතර ඒ අනුව ඔවුන් ඉදිරිපත් වූ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
පසුගිය නඩු වාරයේදී හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප 03ක් නියම කළා.
මෙම නඩුව මැයි මස 05 වැනිදා යලි කැදවනු ඇති.
එමෙන්ම දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991ක මුදලක් වැයකර සෙවිලි තහඩු බෙදා දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඇතුලූ 04 දෙනෙකුට එරෙහි නඩුවද ඊයේ(29) කොළඹ මහාධිකරණය හමුවේ කැදවනු ලැබුවා.
එම නඩුව මැයි මස 15 වැනිදා දක්වා කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Shiran Viraj

ආපදා තත්ත්වයත් සමඟ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළට: කැරට් 4000 දක්වා, ලීක්ස් 3200 දක්වා

Shiran Viraj

ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..

Shiran Viraj
Translate »