mediahumanrights.lk
LIFELIFE NEWSNews

ගිලිහි යන හිසකෙස් රැක දී තට්ටය පැදීම වැලක්වීමට සාර්ථක අත් බෙහෙතක්

හිස කෙස් ගැලවී යාම හා තට්ටය පැදීම අද සමාජයේ බොහෝ තරුණ පිරිස් අතර දක්නට ලැඛෙන දෙයක් වෙලා. රැකියාවේ හා ජිවිතයේ ප්‍රශ්න නිසා ඇති වන මානසික අවපිඩනය නිසාවෙන් වගේම හිසකේ වලට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබීම නිසා මෙසේ අකලට හිස කේ ගැලවී යාම සිදු වෙනවා. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ මෙන්න මේ ලෙඩේට සාර්ථක ලෙස විසදුම් ලබා දී ඔබගේ අහිමි වූ හිසකෙස් නැවත වේගයෙන් වර්ධනය කර දෙන අපුරු තෙලක් ගැන.
කැස්ටර් ඔයිල් එහෙමත් නැතිනම් සිංහලෙන්ම කිව්වොත් එඩරු තෙල් තමයි මේ තෙල. එඩරු තෙල් වල විටමින් E ,ඛනිජ ලවණ,ප්‍රෝටීන ඇතුලත් වෙනවා. ඒ වගේම මේ එඩරු තෙල් වල බැක්ටීරියා නාශක ගුණයක් සහ දිලීර නාශක ගුණයන්ගෙන්ද යුක්ත වෙනවා.එඩරු තෙල් වල ඔමේගා 9 මේද අම්ලය අඩංගු වන නිසා හිස කෙස් නැවත වර්ධනයට අවශ්‍ය කරන පෝෂණයන් නැවත උත්තේජනය කරනවා. එමගින් ඔබේ හිසකෙස් පමණක් නොවෙයි ඔබට ඔබේ ඇහි බැම සහ ඇස්පිහටු වුවද නැවත වර්ධනය කරගන්න පුළුවනි. මෙම එඩරු තෙල් ඔබගේ හිසකෙස් ගැඹුරටම ගමන් කර ඔබගේ වර්ධනය වූ හිසකෙස් රැක දෙනවා. හානි වූ හිසකෙස් නැවත ශක්තිමත් කර ගිලිහි යාම නතර කරනවා.
එඩරු තෙල් සත්කාරය සිදු කරන්නේ මෙහෙමයි. මේ සදහා අපි තවත් දේවල් කිහිපයක් යොදා ගන්නවා. එමගින් අපි බලාපොරොත්තු වන්නේ මෙම සත්කාරයේ බලසම්පන්න කම තව තවත් වැඩි කර ගනිමින් ඔබට ඉක්මන් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමයි.
අවශ්‍ය දේවල්
 බිත්තර කහ මද 1ක්
 මී පැණි තේ හැන්දක්
 ළුණු ගෙඩියක යුෂ
 එඩරු තෙල් තේ හැන්දක්
සකස් කරන ආකාරය
කහ මද , එඩරු තෙල් , මී පැණි හා ළුණු යුෂ එකට මිශ්‍ර කරන්න
දැන් මෙම මිශ්‍රණය හිස මුදුනෙන් පටන් ගෙන හිසේ සෑම තැනකම ආලේප කරමින් ඇගිලි තුඩු වලින් සම්බාහනය කරන්න
දැන් ඔබේ හිස තුවායකින් හොඳින් බැඳ ගෙන පැයක් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය හිස් කබලට උරා ගන්නට ඉඩ හරින්න
ඉන් පසු සාමාන්‍ය ෂැම්පු යොදා මෙය සෝදා හරින්න. සතියකට කිහිප වරක් මෙම සත්කාරය කිරීමෙන් හිස් කෙස් වැටීම නතර කර ගන්න පුළුවන්

Related posts

සමනලීට සුචරිතවාදී ප්‍රතිරූපයක්‌ ගොඩනගන්න වුවමනා නැතිලු…

Shiran Viraj

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj

කෝටි ගණනක දේපල තහනම් කරයි..

Shiran Viraj
Translate »