26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

කොටුව දුම්රියපොළ බෝම්බ පිපුරුම – වසර 20ක සිර දඬුවම්

2008 වසරේ කොටුව දුම්රියපොළේ මරාගෙන මැරෙන බෝම්බ  ප්‍රහාරයක් සිදුකිරීමට කුමන්ත්‍රණ සිදුකළ බවට වරදකරු වූ  පුද්ගලයෙකුට කොළඹ විශේෂ මහාධිකරණය විසින් වසර 20ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබේ.
කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් මෙම දඞුවම නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2008 වසරේ පෙබරවාරි මස 03 වන දින එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකාරියක් යොදවා  අදාළ ප්‍රහාරය සිදුකර තිබු අතර එහිදි කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ සිසුන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව බෝම්බයක් පුපුරුවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබාදීම යන චෝදනා යටතේ වරදකරුවු කනකසබේ දේවදාසන් නැමති දෙමළ ජාතික පුද්ගලයෙකුට මෙලෙස සිරදඞුවම් නියම කර ඇති බව වාර්තා වේ.
(under the courtesy of adaderana news web)

Related posts

හිත් සහ වත්කම් – පුදන්නට – බෙදන්නට කාලයයි

Shiran Viraj

හදිසි නීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවේ: මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපතිට ලිපියක්

Shiran Viraj

රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයි

Shiran Viraj
Translate »