30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

කාගෙවත් පවුල් කඩන්න මට වුවමනා නෑ

උමාලි තිලකරත්න සම්බන්ධව වෙබ් අඩවි හරහා යන ප්‍රචාරය ගැන ධනුක දිල්ශාන් කියයි
මං කාටවත් වැරදි කරන්නේ නැති මනුස්සයකු නම් මම මොකටද කාටවත් කියන්නේ වැරැද්දක් කරන්නේ නෑ කියලා. මා කාටවත් බයේ ජීවත් වන කෙනෙක් නොවෙයි. මා අදහන ආගමකුත් නැහැ. මා අදහන්නේ මාවමයි. මගේ පාඩුවේ මා ජීවත් වෙනවා.
මේ දවස්වල වැඩිපුර ම කතාබහට ලක් වන නළුවකු ඇත්නම් ඒ ධනුක දිල්ශාන්. ඔහු හා ජනප්‍රිය නිළියක සම්බන්ධ කර ගනිමින් කලා ක්ෂේත්‍රයේ යන කටකතාව අද බොහොම ජනප්‍රිය වෙලා. ඔහුගේ කලා කටයුතු ගැනත්, ඒ කටකතාවේ ඇත්ත නැත්ත ගැනත් ධනුකගෙන් අප විමසීමක් කළා. ඒ ඇසුරෙනුයි මේ ලිපිය සැකසෙන්නේ.
හිරු මෙගා ස්ටාර් වේදිකාවෙන් ඔබ නර්තනයේ යෙදෙනවා.
හිරු මෙගා ස්ටාර් වැඩසටහනට මාව තෝරා ගැනීම ගැන මා ස්තුතිය පුද කරන්නේ හිරු නාලිකාවටයි. රංගන ශිල්පියකු ලෙස රූපවාහිනි නරඹන්නන් අතරට පිවිසුණු මා නර්තන ශිල්පයට දක්ෂයකු බව දැන ගන්නේ මෙගා ස්ටාර් හරහායි. එහිදී විනිශ්චය මණ්ඩලයෙන් ලැබෙන අගය කිරීමත් මට බොහොම වටිනවා.
මේ දවස්වල ඔබ පුංචි තිරයෙන් නරඹන්නන් ඉදිරියට පිවිසෙන්නේ ‘ගැමුණු මහරජ’ ටෙලි නාට්‍යය හරහායි?
එහි තිස්සගේ චරිතයටයි මා පණ පොවන්නේ. ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි.
පසුගිය දවස්වල මේ ටෙලි නාට්‍යයේ යම් ප්‍රශ්නයක් පැණ නැගුණා නේද?
මා සිතන්නේ අධ්‍යක්ෂවරයා හා සහය අධ්‍යක්ෂවරයා පිළිබඳ පැන නැඟුණ ප්‍රශ්නයකුයි ඊට හේතු වුණේ. මේ වන විට අලුත් අධ්‍යක්ෂවරයකුට ඒ ටෙලි නාට්‍යය භාර දී ඇති බව දැනගැනීමට ලැබුණා.
අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු යටතේ රඟපෑමට ලැබීම ඔබට මොනවගේ අත්දැකීමක් ගෙනෙයිද?
අධ්‍යක්ෂවරයා කවුරුන් වුණත් මගේ පැත්තෙන් විය යුතු රාජකාරිය හරියට කිරීම මගේ යුතුකමයි.
මේ දිනවල ඔබ රඟපාන ‘සී රජ’ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා නේද?
ජැක්සන් ඇන්තනී වැනි අධ්‍යක්ෂවරයකු යටතේ රඟපෑමට ලැබීම සතුටක්. ඔහුගේ පවුලේ අයත් සමඟ මා බොහොම සම්බන්ධයි. ඒ අනුව ඔහුගෙන් මේ චරිතයට ලැබුණු ආරාධනය මං බාර ගත්තේ බොහොම සතුටින්.
ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපට කිහිපයකටත් ඔබට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබෙනවා?
මහරාජා ආයතනය නිර්මාණය කළ ඉදිරියේදී තිරගත කිරීමට නියමිත ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ මා රඟපෑවේ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී සමඟයි. එය අධ්‍යක්ෂණය කළේ රාම්. එහි කැමරා අධ්‍යක්ෂණය සරවනන්ගේ. මෙහි මා රඟපාන චරිතය දුෂ්ටයකුගේ චරිතයක්.
ඉදිරියේදී චිත්‍රපටයක රූගත කිරීම් සඳහා විදේශගත වීමටද සිටින්නේ?
ඒ ලක්ෂාන්ගේ ‘ලව් ඉන් පැරිස්’ කියන චිත්‍රපටයේ රඟපෑමටයි. එහි මා රඟපාන්නේ ප්‍රධාන චරිතයයි. ‍මෙහි රූගත කිරීම් ආරම්භ කරන්නේ අප්‍රේල් මාසයේයි. ඒ නිසා ඒ මාසයේ ප්‍රංශයට යෑමටයි මා සූදානම් වී සිටින්නේ. තවත් චිත්‍රපට 4කට පමණ මට ආරාධනා ලැබුණා. මේ කටයුතු නිසා මා කාර්යබහුලයි.
ඒත් කටකතාවක් පැතිර යන්නේ ඔබට රඟපෑමට ආරාධනා කිරීම නවත්වා ඇති බවයි?
එහෙම කියන්නේ ඇයි?
එහෙම වන්නේ මේ දවස්වල ජනප්‍රිය නිළියක් සම්බන්ධ කරගනිමින් ප්‍රචාරය වන කටකතාව නිසා බවයි බොහෝ දෙනා පවසන්නේ. එය සත්‍යක්ද?
මම දන්න විදියට නම් මේ වන විට මට ඕන තරම් වැඩ තියෙනවා. ඒ වගේම මා මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ. රඟපෑම වෘත්තියක් විදියට කරන නිසා එහි ඉහළටම යන්නයි අදහස් කරගෙන ඉන්නේ. තනියෙන් නොවෙයි, අනිත් අය සමඟ ගමනක් යන්නයි මා තීරණය කර ඇත්තේ. අනෙක් අයට වෛර නොකරමින් ඒ ගමන යන්න මා කැමැතියි. මේ නිසා ඔය කටකතා කියන අයට තව අවුරුද්දක් යන විට මම කවුද කියලා බලාගන්නට හැකි වේවි.
මෙගා නාට්‍යවල රඟපාන්නේ නැතැයි පැවසුවත් ඔබ රංගනයට පිවිසෙන්නේ මෙගා නාට්‍යයකින් බව මට මතකයි?
මට මේ ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාවක් ලබා දෙන්නේ රවීන්ද්‍ර විජේරත්න හා තරංග දිසානායක කියන මහත්වරුන්. ඒ නිසා මා කිසිම දිනෙක මුල අමතක කරන්නේ නැහැ. මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැති වුණත් ඔවුන්ගේ නිර්මාණවල මා රඟපානවා. ඒ මගේ මනුස්සකමට. එහෙත් අනෙක් මෙගා නිර්මාණවලට රංගනයෙන් දායක වන්නේ නැහැ.
රඟපෑමේ දී ඔබ අය කරන මිල ඉහළයි ද?
මා රඟපෑමේදී අය කරන ඉහළ මිල නිසා කොහොමත් මෙගා නිර්මාණකරුවන්ගේ නිර්මාණවල රඟපාන්නට මට කතා කරන්නේ නැහැ. ඒ නිර්මාණවලට සහභාගි වීමට සිදුවන නිසයි මා වැඩිපුර මිලක් පවසන්නේ.
මේ දවස්වල ජනප්‍රිය නිළියක් සමඟ ඔබගේ නම ඈඳීලා. ඒ කතාව ඇත්තක්ද?
මට ඒ ගැන කතා කිරීමට උවමනායි. මා සම්බන්ධ කරගනිමින් මේ දවස්වල විවිධ කටකතා යන බව ඇත්තයි. ඒකට මට කරන්නට දෙයක් නැහැ. මා විමසන්නේ ඊට සම්බන්ධ වුණ අයවත් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව ඇයි ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් විමසන්නේ යන්නයි.
සාරංගත් උමාලිත් සමඟ ඔබට තිබෙන්නේ මොනවගේ සම්බන්ධයක් ද?
සාරංගත්, උමාලිත් එක්ක මගේ කියන තරම් සම්බන්ධයක් නැහැ. ඒත් හිතවත්කමක් නැත්තෙත් නැහැ.
ඉන්ස්ටර්ග්‍රෑම් එකද ප්‍රශ්නය ඇති කළේ?
මා ඇති කරන සුරතල් ලේනාගේ පින්තූරයක් මා එහි දමා තිබුණා. ඒ වගේම උමාලිත් ඇති කරන සුරතල් ලේනාගේ පින්තූරයක් දමා තිබුණා. මේ පින්තූර දෙකම දැක්ක කෙනෙක් එය අරගෙන ගැසුව මඩ ප්‍රචාරයකුයි මේ දිගින් දිගටම ගියේ. කවුරු වුණත් එහෙම කරන්න හොඳ නැහැ.
මේ ප්‍රශ්නය පැන නැඟෙන්නේ ඔය ලේන් පැටියා හරහායි?
ඒක තමයි. මේ ප්‍රශ්නය හරහායි ඔය කතාව ආරම්භ වන්නේ. ඒත් මම දන්නේ නෑ, මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.
ඇත්තටම ධනුකගේ ලේන් පැටියා උමාලිට පරිත්‍යාග කළේ නැද්ද?
මාර කතා තමයි ඔයත් අහන්නේ.
පහුගිය කාලයේ ආරංචිය ගියේ එහෙම නේ. ඒ නිසයි මා ඒ ගැන ඔබෙන් කෙළින්ම විමසුවේ?
මගේ ලේන් පැටිය තවමත් ඉන්නේ මගේ නිවසෙමයි. මා ළඟමයි.
එහෙම නම් ඒ වැරැද්ද පැටවෙන්නේ ඉන්ස්ටර්ග්‍රෑම් එකටයි?
පින්තූර දෙකම එකතු කිරීමෙනුයි කවුරු හෝ ගින්නක් අවුළුවල තිබෙන්නේ. එහෙම කළ මිනිස්සුන්ට කවදා හෝ හොඳක් වන්නේ නැහැ. එහෙම කරලා හරි ඒ අයට හොඳක් වෙනවා නම් කමක් නැහැ. ඒ ගැන මම කාටවත් වරදක් කියන්නේ නැහැ. මා වැරදි කරලා නැති නිසා ඒ කිසිවක් මගේ ඇඟේ ගෑවෙන්නේ නැහැ.
ඒ වුණාට පරණ කතාවක් තිබෙන්නේ ගින්නක් නැතිව දුමක් නොනඟින බවයි?
ඒක තමයි මමත් අහන්නේ. දුමක් නගින්න ගින්න තියෙන්නේ කොහෙද කියලයි?
ඔබ මේ කටකතාව පිළිගන්න කොහෙත්ම කැමැති නැහැ වගෙයි?
නැහැ. මට මිනිස්සු තරහ කරගන්න උවමනාවක් නැහැ. මට කාගෙවත් පවුල් කඩන්න උවමනාවකුත් නැහැ. මා දන්න විදියට ඒ පවුල කැඩෙන පවුලකුත් නෙවෙයි.
එහෙමනම් ඔබ පසුගිය දවස්වල මේ කතාවට හරියට උත්තර නුදුන්නේ ඇයි?
ඔය කතා මගේ ඇගේ ගෑවෙන්නේ නැහැ. ඒ නිසයි ඕවාට මම උත්තර නුදුන්නේ. හාර හාර අවුස්සන්න ගියාට පස්සේ සිතන්න පුළුවන් අපි වුණත් වැරදිකාරයෝ කියලා.
ඒ වුණාට ඔබට නිවැරදි කිරීමක් කරන්න තිබුණා?
මං කාටවත් වැරදි කරන්නේ නැති මනුස්සයකු නම් මම මොකටද කාටවත් කියන්නේ වැරැද්දක් කරන්නේ නෑ කියලා. මා කාටවත් බයේ ජීවත් වන කෙනෙක් ඒ විදිය නොවෙයි. මා අදහන ආගමකුත් නැහැ. මා අදහන්නේ මාවමයි. මගේ පාඩුවේ මා ජීවත් වෙනවා.
උමාලිත් එක්ක ඔබ රඟ නොපෑ බවද ඔය පවසන්නේ?
‘සී රජ’ නාට්‍යයේ අප දෙදෙනාම රඟපෑවා. ඒත් එක රූප රාමුවකවත් අප දෙදෙනා එකට රඟපා නැහැ. රූගත කිරීමකට ගිය එකම දවසක විතරයි ඈව මට හමු වුණේ. ඒත් එදත් අප දෙදෙනා කතා කළේ නැහැ. එපමණයි මා දන්නේ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..

Shiran Viraj

"අද ඇරඹෙන තැපැල් වර්ජනයට 25000ක් සහය දෙයි"

Shiran Viraj

ජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!

Shiran Viraj