30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

ඔබත් ජංගම දුරකථනයේ වහලෙක් ද? ජංගම දුරකථනයට ඇබ්බැහිවීම රෝගයක්

ලමම මගේ ජංගම දුරකථනයේ වහලෙකු වෙලා` මට එය නැතුවම බැහැ. එය පාවිච්චි කරන්න කරන්න එය නැතිව බැරි තත්ත්වයට මාව පත්වෙලා.
දොස්තර හමුවෙන්න ගිය විටත්, මගේ දරුවන් සමඟ පාසලට යද්දීත්, උදේ ආහාර ගනිද්දීත්, බොහෝ විට එය මගේ අතේ රැඳී තියෙනවා. මම හිතන්නේවත් නැතිව එයට තට්ටු කරනවා. මගේ විද්යුත් තැපෑල පරීක්ෂා කරනව. දිනය බලනවා වේලාව බලනවා. ෆෙස් බුක් ට්විටර් බලනවා…ල
මේ වදන් ජංගම දුරකථනයට වහලියක් වූ එක්තරා ගෘහිණියකගේ පාපොච්චාරණයකි. වෙන මොනවා නැති වුවත් ඇයට ඇයගේ ජංගම දුරකථනය අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වී ඇත.
නව තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට හොඳට හෝ නරකට අප වෙත ලැබී ඇති භාණ්ඩය වන්නේ මේ ජංගම දුරකථනයයි.‍
එදා පණිවුඩ හුවමාරුව කරනු ලැබුවේ මිනිස් ශ්‍රමයෙනි. පසුව එය තැපෑල බවට පරිවර්තනය විය. ඉන්පසුව දුරකථනය එම කාර්යය හැකි පමණ හොඳින් ඉටු කළේ ය. හදිසි පණිවුඩයක් දීම සඳහා එදා දුරකථනය භාවිතා කරනු ලැබූ නමුත් එම පහසුකම් සෑම දෙනෙකුටම එක හා සමානව ලැබුණේ නැත.
එහෙත් තාක්ෂණ දියුණුවක් සමඟ ලොකු, කුඩා, තරුණ, මහලු, දුප්පත්, පොහොසත් සියලු දෙනාටම එකහා සමානව ජංගම දුරකථන මගින් පණිවුඩ හුවමාරු කරගැනීමේ අවස්ථාව ලැබී ඇත.
කෙසේ වෙතත් මේ නව තාක්ෂණය කෙතරම් අපගේ ජීවන රටාව හා පැවැත්ම කෙරේ බලපා ඇත් ද යත් එය අපට නැතිවම බැරි භාණ්ඩයක් බවට පත්වී ඇත. වෙනත් අයුරකින් පැවසුවහොත් එය එක්තරා අන්දමක ඇබ්බැහිවීමක් බවට පත්වී ඇතැයි කීවොත් නිවැරැදි ය. දුම්බීම, මත්වතුර බීම, සූදු කෙළීම, මත්ද්‍රව්‍ය වලට දක්වන ළෙන්ගතුකම ජංගම දුරකථන කෙරේ යොමු වී ඇතැයි බටහිර මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති.
ඔබ ජංගම දුරකථනවලට ඇබ්බැහිවූ කෙනෙක් ද?
ඔබ උදෙන්ම පිබිදුණු ගමන් ජංගම දුරකථනය පිරික්සන්නේද?
ඔබ ජංගම දුරකථනය සයනයේ තබාගෙන නිදාගන්නේ ද?
ඔබ යන යන තැන එනම් කුස්සියට හෝ නිවෙසේ වෙනත් තැනකට යන අවස්ථාවේ දී ජංගම දුරකථනය ගෙන යන්නේ ද?
ඔබ දරුවන් හා සැමියා හෝ බිරිය ආදි පවුලේ උදවිය සමඟ ගත කරන වේලාවලදී ජංගම දුරකථනය ගෙන යන්නේ ද එ‍සේම එය වරින් වර පිරික්සා බලන්නේ ද?
මොහොතකටවත් ජංගම දුරකථනය අසල නොමැතිව සිටීමට අපහසුතාවයක් දැනෙන්නේ ද?
මේ ආදි ප්‍රශ්න රැසකට පිළිතුරුදීමේදී ඔබ ලඔව්ල යන පිළිතුර දුනහොත් ඔබ මානසික වශයෙන් ඉතාම භයානක අසරණ තත්ත්වයකට පත්ව සිටින්නෙකි. ඔබ ජංගම දුරකථනයේ වහලෙකු බවට පත්වී සිටියි.
ඔබට තනිකමක් දැනුණු විට ඔබගේ එකම මිත්‍රයා ජංගම දුරකථනයයි‍.
ඔබ විඩාවට පත්වී සිටින විට හිතට ගත සැනසීම ගෙන දෙන්නේ ජංගම දුරකථනයයි.
ඔබ කම්මැළිකමින් සිටින විටදී ඔබට ප්‍රාණය ලබාදෙන්නේ ජංගම දුරකථනයයි.
‍මෙබඳු මානසික තත්ත්වයක් තුළ සිරවී සිටින බොහෝ දෙනා එක්කෝ මත් වතුර පානය කරති. එසේ නැතහොත් මත් කුඩු භාවිතා කරති. එසේත් නැත්නම් දුම්වැටි උරති.
මේ අනුව ජංගම දුරකථනය ද එවැනි ඇබ්බැහි වීමක් ඇති කරන භාණ්ඩයක් බව පැහැදිලි වශයෙන් ම හඳුනාගෙන ඇත.
ආසියාවේ මේ තත්ත්වය තවමත් රෝගී තත්ත්වයකට පරිවර්තනය වී නැති නමුත් ඇමෙරිකාව හා අනෙකුත් බටහිර රටවල මෙම ජංගම දුරකථන ඇබ්බැහිවීම දරුණු මානසික රෝගයක් බවට පත්වී ඇත.
ඇමෙරිකාවේ පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (ඡැඅ ඍැිැ්රජය ජැබඑරු) මගින් 2011 පවත්වනු ලැබූ සමීක්ෂණයකට අනුව ඇමෙරිකාවේ වැඩිහිටි අය අතුරෙන් සියයට 46 ක් ජංගම දුරකථනයක අයිති කරුවන් ‍බවත් 2011 දී පවත්වනු ලැබූ සමීක්ෂණයට වඩා සියයට 25 කින් එම ප්‍රමාණය වැඩි වී ඇති බවත් කියැවේ.
එසේ ම හාවඩ් ව්‍යාපාරික විද්‍යාලයේ ආචාර්ය ලෙස්ලි පර්ලොව් පවසන අන්දමට උදයේ පිබිදීමෙන් පසු සියයට 70 ක් දෙනා තම ජංගම දුරකථනයේ පණිවිඩ පිරික්සා බැලීමට පුරුදුව ඇති අතර නින්දට යාමට පැයකට පමණ පෙර එම කාර්යයම සිදු කරති‍. එසේ ම සිකුරාදා ඇතුළුව සති අන්තයේ දී 48% ‍දෙනා සේම නිවාඩු කාලවලදී 51% පමණ දෙනා එම පිරික්සීම සිදු කරති.‍ ඒ හැමටම වඩා ජංගම දුරකථන නැතිවී සතියක් ඇතුළත දී අලුතින් එකක් ගත නොහැකි වුවහොත් 44% පමණ පිරිසක් අතිශය කාන්සාවකට පත්වන බවත් පර්ලොව්ගේ සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
මේ අතර එංගලන්තයේ පර්යේෂණ ආයතනයක් මඟින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව එම රටේ සිටින ජංගම දුරකථන හිමිකරුවන් අතුරෙහි සියයට 53 ක් ම තම දුරකථනය නැතිවීම, බැටරිය අකර්මණ්‍යවීම හෝ මුදල් අවසන් වීම මෙන් ම පණිවුඩ ලබාගත නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් වැනි කරුණු නිසා අතිශය වික්ෂෝභයට හා මානසික අසහනයකට පත්වන බව දැක්වේ.
ඒ අනුව එම මානසික අසහනය ලජංගම දුරකථනයක් නැතිවීමේ භීතිකාවල (භද – ඵදඉසකැ – ඡයදබැ – ඡයදඉස්) ලෙස හඳුන්වනු ලබයි. මෙම සමීක්ෂණයට අනුව පිරිමින් අතුරෙන් 58% හා කාන්තාවන් අතුරෙන් 47% මෙම භීතිකාවෙන් පෙළෙන බව පෙනේ. මෙම සමීක්ෂණය සඳහා 2163 ක් පිරිසක් උපයෝගී කරගන්නා ලදී.
එසේම ළඟ එන විවාහ මංගල්‍යයක් නිසා ඇතිවන ආතතිය හා සමාන තත්ත්වය මෙම භීතිකාව නිසා ඇතිවන බව ද මෙම සමීක්ෂණය පෙන්වා දී ඇති මෙම භීතිකාව ඇමෙරිකාවේ තවත් උග්‍ර තත්ත්වයකට පෙරළී ඇති බව පෙනී ගොස් ඇත.
සෑම ඇමෙරිකානුවන් තිදෙ‍නකුගෙන් දෙදෙනකුම ජංගම දුරකථන සමඟ රාත්‍රී නින්දට යන බව හෙළිවී ඇත. එසේම අඹු සැමියන් ලෙස හැසිරෙන විටදී පවා සියයට 34 ක් පමණ දෙනා ජංගම දුරකථන පණිවිඩ වලට උත්තර දෙන බව ද හෙළි වී ඇත. මේ හැර සපත්තු නැතිව සතියක් පමණ ගමන් යා හැකි නමුත් ජංගම දුරකථනයක් නැතිව ගමනක් යෑම ඇමෙරිකාවේ සිදු නොවන බව පෙනේ. එසේ ම ජංගම දුරකථන අයිති අයගෙන් වැඩි පිරිසක් කිසි අවස්ථාවක තම දුරකථනය අක්‍රීය කිරීම නොකරති. එසේ ම ජංගම දුරකථන නොමැතිවීමේ භීතිකාවෙන් සියයට 66 ක් පමණ දෙනා දැනට පෙළෙන බව ද හෙළි වී ඇත.
විශේෂයෙන් ම ජංගම දුරකථන කෙරේ වැඩි ඇබ්බැහිවීමක් සිදුව ඇත්තේ තරුණ වියේ පසුවන එනම් 18 ත් 30 ත් අතර වයස් සීමාවේ සිටින අය බව ද පෙනී ගොස් ඇත.
ඇමෙරිකාවේ කනෙක්ටිකට් ජනපදයේ වෙස්ට්හාට්ෆඩ් හි වෙසෙන සුප්‍රකට මනෝවිද්‍යාඥයෙකු වන ඩේවිඩ් ග්‍රීන්ෆීල්ඩ් පවසන අන්දමට පරිගණක තාක්ෂණය ඇබ්බැහි වීමකට පහසුවෙන් ඉඩ සලසන්නේ ඒවා ඉහළ මානසික ක්‍රියාකාරිත්වයක් (ඡිහජයද්ජඑසඩැ) පවතින නිසා බවත් එමඟින් චිත්ත ස්වභාවයේ වෙනසක් සිදු කිරීමටත් එසේ ම සතුටක් විනෝදයක් ඇති කිරීමටත් සමත් වන්නේ ය.
ජංගම දුරකථන හදිසි අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන නමුත් එයින් සාමාන්‍ය දිවි පෙවෙතට සිදුවන හානි සහ බාධා වැඩි බව බටහිර මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති.
බටහිර රටවල ජංගම දුරකථන සමඟ ජනිත වන භීතිකාව ඉතා ම උග්‍ර තත්ත්වයට පත්ව ඇතැයි පවසන මනෝ විද්‍යාඥයෝ ආසියාවේද එම තත්ත්වය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවට අනතුරු අඟවති.
ජපානයේ ජංගම දුරකථන සම්බන්ධයෙන් උප සංස්කෘතියක් බිහිවී ඇති බවත් එය ~කෙයිටයි කල්චර්~ (ණැසඒස ක‍මකඑමරු) යනුවෙන් හඳුන්වනු ලබන බවත් වාර්තාවේ.
ජංගම දුරකථන බිලියන 2.5 ක් විසිර ගොස් ඇති ආසියාවෙන් එම දුරකථන නිසා සිදුවන අනතුරු රැසක් පිළිබඳව ද වාර්තා වී ඇත.
මේ අතර සිංගප්පූරුවේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වන ටච් සයිබර් වෙල්නස් සෙන්ටර් (ඔදමජය ක‍හඉැර උැකකබැිි ක‍ැබඑරු) ආයතනයේ කළමනාකාර චොං ඊ.ජේ. පවසන්නේ ලතරුණයින්ට මේරූ මනසක් නොමැති නිසා ආත්ම පාලනයක් කර ගැනීමට නොහැකි වනවා ඒ අනුව නවීන ජංගම දුරකථන පාලනයක් සහිතව පාවිච්චි කිරීමට ශක්තියක් නැතැ~යි යනුවෙනි.
සිංගප්පූරුවේ කුඩා දරුවන්ටත් මෙබඳු නවීන දුරකථන ලබාදීම නිසා ඔවුන්ගේ ඉගෙනීමට බාධාවනවා සේ ම මානසික වර්ධනය වික‍ෘති වීමක් සිදුවන බව හෙතෙම පවසයි.
ජංගම දුරකථන අප රටේ පවා සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතී. ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය පැදවීම නිසා රියපදවන තැනැත්තාට පමණක් නොව මහ මඟ සිටින අහිංසක ජනතාවට ද නොයෙකුත් ආපදාවලට මුහුණදුන් අවස්ථා ගැන අපට නොයෙකුත් වාර්තා ලැබී ඇත.
ජංගම දුරකථනයකින් කතා කරමින් මහ මඟ කහ ඉරෙන් පාර හරහා මාරුවෙන ගැහැනු ළමයෙකු පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබ අවවාද කර නිදහස් කරන ආකාරය මා දුටු එක් සිදුවීමකි. එසේ ම මහ මඟ ගමන් කරන වැඩි දෙනා එසේ ගමන් කරද්දී ජංගම දුරකථනයෙන් කථා කරමින් යෑම අද ඉතාම සුලබ දසුනකි.
වඳුරාට දැළි පිහිය දුන්නාක් මෙන් නොමේරූ තරුණ තරුණියන් මෙම මෙවලමේ වහලෙකු බවට පත්වීම අතිභයානක තත්ත්වයක් බව බටහිර රටවලට සිදුවී ඇති ව්‍යසනයෙන් අප ද වහාම පාඩමක් ‍ඉගෙන ගත යුතුව ඇත.

Related posts

Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.

Shiran Viraj

ජීවි­තය ගැන කල­කිරී කන්‍යා සොයු­රි­යක් ‍වෙන්න සිතුණා

Shiran Viraj

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

Shiran Viraj