2026-07-03
mediahumanrights.lk
BusinessBusiness NewsNews

උද්දමනය වාර්තාගත ලෙස ඉහලට

බඩු මිළ වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 8 යි දශම 2 ක් දක්වා වැඩි වී තිබෙනවා.
එය ජනවාරි මාසයේදී පැවතියේ සියයට 6 යි දශම 5 ක් ලෙසයි.
උද්ධමනයේ මෙම වැඩිවීමට ආහාර කාණ්ඩයේ මිළ වැඩිවීම වැඩි බලපෑමක් සිදුකර ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
පොල්, පොල්තෙල්, එළවළු, කුකුල් මස්, අර්තාපල්, ලූණු සහ සහල් මිළ පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා.
ජනවාරි මාසය සමග සැසදීමේදී ආහාර නොවන කාණ්ඩයේ ඇතැම් වියදම්ද පෙබරවාරි මාසයේදී වැඩි වී තිබෙන බවයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියාසිටියේ.
ප‍්‍රවාහන, අධ්‍යාපන, නිවාස, ජලය, විදුලිය සහ ගෑස් සදහා වන වියදම් වැඩිවීම ඒ අතරින් කැපී පෙනෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Shiran Viraj

රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයි

Shiran Viraj

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

Shiran Viraj
Translate »