mediahumanrights.lk
Local News News

අනිද්දා කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි – අත්හිටුවන වේලාව මෙන්න

අනිද්දා පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.
මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත්.
කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන ප‍්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් මීට හේතුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…

Shiran Viraj

Corona : තවත් 40ක් හමුවේ..

Shiran Viraj

‘ටින් මාලු’ ගැටළුව විසඳේ

Shiran Viraj