27.8 C
Colombo
2026-09-02
mediahumanrights.lk
Local NewsNews

හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවට

නිවාඩු  නොලබා  හමුදා  සේවය හැරගොස්  සිටින ත්‍රිවිධ හමුදා  සාමාජිකයන් අත්අඩංගුවට  ගැනිම සඳහා  දිවයින පුරා සිදු කළ මෙහෙයුම්  වලදී  1300 දෙනෙකු  අත්අඩංගුවට  ගෙන ඇති බව හමුදා  ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා  පවසයි.
ඉකුත් දෙසැම්බර් 31 වැනි දින සිට  පෙරදින (13) දින දක්වා  පොලිසිය සමඟ ඒකාබද්ධව සිදු කළ මෙහෙයුම්  වලදී  මෙම පිරිස අත්අඩංගුවට  ගෙන ඇති බව ද බ්‍රිගේඩියර්වරයා කීය.
හමුදා  සාමාජිකයන් 984 දෙනෙක් ද නාවික හමුදා  සාමාජිකයන් 236 දෙනෙක් ද ගුවන් හමුදා  සාමාජිකයන් 14 දෙනෙක් ද වන බව හමුදාව කියයි.
නිවාඩු නොලබා  හමුදා සේවයට වාර්තා නොකර  සිටින ත්‍රිවිධ හමුදා  සාමාජිකයන්  අත්අඩංගුවට  ගැනීමේ මෙහෙයුම් තවදුරටත්  නොකඩවා  සිදු කරන බව හමුදා ප්‍රකාශකවරයා  පවසයි.

Related posts

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

Shiran Viraj

පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න… මුලින්ම 1-5 පන්ති අරඹයි..

Shiran Viraj
Translate »