2026-07-12
mediahumanrights.lk
Local NewsNews

සියලු පාර්ශව සමග සාකච්ඡා කර සයිටම් ගැන සාධාරණ විසඳුමක්‌ ලබා දෙනවා – ජනපති කියයි

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විදුහල (සයිටම්) සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක්‌ ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල දරුවන්ට කිසිදු ආකාරයකට අසාධාරණයක්‌ වීමට ඉඩ නොතබන බවත් එනිසා පන්ති වර්ජනය නොකරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කරගනිමින් සියලු දරුවන්ට නිදහස්‌ අධ්‍යාපනය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

හෙතෙම මේ බැව් පැවසුවේ නුවරඑළිය “හුට්‌විල්පුර” නව ගම්මානය ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් ඊයේ (09 වැනිදා) තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවකදීය.

Related posts

තනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේ

Shiran Viraj

හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවක

Shiran Viraj

අද තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයෙන්

Shiran Viraj
Translate »