mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් එකවර සිනමා පටයකට තෝරා ගැනෙයි

ඉන්දීය සිනමාවේ සිටින දැවැන්ත චරිත ද්විත්වයක් වන රජිනි කාන්ත් සහ ආමීර් ඛාන් නවතම සිනමාපටයකට එකවර තෝරාගෙන තිබෙනවා.
ඒ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක S.S.Rajamouli ගේ නවතම වීර කථා චිත්‍රපටයක් සඳහායි.
ජනප්‍රිය බාහුබලි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන S.S.Rajamouli  විසින් මහා භාරතයේ ඉතිහාස කතා ඇතුළත් නවතම චිත්‍රපටයකට නළුවන් තිදෙනෙකු තෝරාගෙන තිබු බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා.
එම තේරීම් තුළ රාජිනි කාන්ත්, ආමීර් ඛාන් මෙන්ම මලයාලම් නළු මොහාන් ලාල් ද ඇතුළත්.
කෙසේ වෙතත් මොවුන් තිදෙනාගෙන් එක් අයෙක් පමණක් චිත්‍රපටයට තෝරා ගැනෙන අතර ඔහු කව්රුද යන්න ප්‍රේක්ෂකයාට කුතුහළය ගෙන දෙන්නක්  බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මෙතෙක් තෝරාගෙන නැහැ.
අප්‍රේල් මාසයේ දී ප්‍රධාන නළුවා තෝරාගෙන චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භකරන බවයි අධ්‍යක්ෂකවරයා ප්‍රකාශකර ඇත්තේ.

Related posts

‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’- ජනපති සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි..

Shiran Viraj

වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපති

Shiran Viraj

ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..

Shiran Viraj
Translate »