mediahumanrights.lk
Local NewsNews

පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසිය

පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන් ගැවසෙන ස්ථාන වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඒ බව කියා සිටියේ, වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ගැවසෙන ලැගුම්හල් සහ හෝටල් කාමර වටලා පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරයන ප්‍රචාර පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේය.
 
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ඡායාරූපයක්ද යොදාගනිමින් එවැනි වැටලීමක් සම්බන්ධ අසත්‍ය ප්‍රචාරයක් පතියමින් තිබෙන බව ඔහු සඳහන් කළේය.
“ඒක සම්පූර්ණම අසත්‍ය මාධ්‍ය වාර්තාවක්. එවැනි කිසිම වැටලීමක් ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කරන්නේ නැහැ,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය සුපුරුදු පරිදි සාමාන්‍ය වැටලීම්වල නිරතවන නමුත් “පෙම්වතුන්ගේ දිනයේ, පෙම්වතුන් අරභයා” කිසිදු විශේෂ වැටලීමක් සංවිධානය කර නොමැති බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අවධාරණය කළේය.
 

Related posts

රාජ්‍ය බැංකු හතේම වැඩ වර්ජනයක් සූදානම්.. වැටුප් වැඩිකිරීම් ඉල්ලයි..

Shiran Viraj

හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැ

Shiran Viraj

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම පතයි

Shiran Viraj
Translate »