mediahumanrights.lk
NewsSportsSports News

20/20 ඉතිහාසයේ පළමු ත්‍රිත්ව (300) ශතකය ඉන්දියාවෙන්

පන්දුවාර 20/20 ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දිය යොවුන් ක්‍රීඩකයෙකු සමත්ව සිටීයි.
විදෙස් වාර්තා පවසන්නේ, 21 හැවිරිදි වියේ පසුවන මොහිත් අල්වාත් (Mohit Ahlawat)  දිල්ලි හීදී පැවති තරගයක දී මෙම දක්ෂතාව දක්වා ඇති බවය.
ගොවි පවුලක උපන් මොහු මෙහිදී පන්දු 72 කින් ලකුණු 300 ක් රැස්කර ඇත්තේ, හයේ පහර 39 ක් හා හතරේ පහර 14 ක් සමගිනි.
මෙම දක්ෂතාව හේතුවෙන්, මීළඟ අයි පී එල් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවක් ද මොහිත් අල්වාත් ට හිමිව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කිරීමට නවකයන් තෝරාගැනීමේ තරග සඳහා මොහිත් අල්වාත්ව යොදා ගැනීමට ගත් තීරණය හේතුවෙන්, ඔහුට ඉදිරි අයි. පී. එල් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවද හිමිවනු ඇත‍.
ඔහු නියෝජනය කල මාවී ඉලවන් (Maavi XI) කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 416 ක් රැස්කර ඇති අතර, ප්‍රතිවාදී ෆ්‍රෙන්ඩ්ස් ඉලවන් (Friends XI) කණ්ඩායම ලකුණු 200 ක් රැස්කර ඇත.
මොහිත් අල්වාත් නොදැවී රැස්කල ලකුණු 300 වාර්තා අතරට එක්ව ඇත්තේ, ඕනෑම පන්දුවාර 20/20 තරගයක ත්‍රිත්ව ශතකයක් රැස්කළ පළමු අවස්ථාව ලෙසවේ.
 
C4D01m1WcAAW_sS

Related posts

ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….

Shiran Viraj

ඩැමස්කස් ගුවන් තොටුපළ ආසන්නයේ දැවැන්ත පිපිරීමක් (VIDEO)

Shiran Viraj

CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..

Shiran Viraj
Translate »