2026-01-12
mediahumanrights.lk
Local NewsNews

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු එහිදී කලහකාරී ලෙස හැසිරි ඇති අතර අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඔහුට අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ බව ය.
ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ, රැකියාවක් ලබා ගැනීමේ අරමුණින් ඔහු එළෙස පැමිණ‍ ඇති බව ය.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලීසියට භාරදී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වයස 33හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

Shiran Viraj

පොහොට්ටුවේ ජයග‍්‍රහණයට ජපානයෙනුත් සුබ පැතුම්

Shiran Viraj

කුසලානය රැගෙන යන්නේ ඉන්දියාවද? පාකිස්තානයද? – තරගය ඇරඹීමටත් පෙර පිටිය උණුසුම්

Shiran Viraj
Translate »