2026-02-12
mediahumanrights.lk
News

ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ බිල 10% අඩු වුණොත් විදුලි බල මණ්ඩළයෙන් ගජ වාසියක්!

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නන්ට තවත් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සිියලූ දෙනාගේ වගකීමක් ද වන බවයි.
‘‘අපිට උදව් කරන්න එක විදුලි බල්බයක් වෙනදට වඩා කලින් නිවා දමන්න, දෙසැම්බර් මාසයට වඩා ජනවාරි මාසයේ බිල අඩු කරගන්න ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ බිල 10% අඩු කරගන්න, ඔවුන්ට ලැබෙන සෘජු 10% ලාභෙට විදුලි බල මණ්ඩළයේ අපිත් බිලෙන් 10% ක් අඩු කරලා දෙනවා.එම ප්‍රතිළාබය තමන්ට හෝ රටට පමණක් නොව ජාතික ව්‍යසනයකදි තමාද එහි කොටස්කාරයෙක් වූ කියන සතුටද අත්විඳ ගත හැකියි‘‘යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළා.
පවතින නියගය හේතුවෙන් ජලය යොදාගෙන කෙරෙන විදුලි නිෂ්පාදනය ඉදිරියේ දී තවත් අඩුවනු ඇතැයි ද මෙහිදී සිහිපත් කෙරුණා.
කුමන අභියෝග පැවතියද විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද ජනතාව මත අතිරේක බරක් පැටවීමට කටයුතු නොකරන බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියා.
– නෙත් Gossip

Related posts

A new boxing gym in Monroeville gives women the opportunity to train

Shiran Viraj

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

Shiran Viraj

සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…

Shiran Viraj
Translate »