27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

උතුරේ ජනතාවට සේවය කිරීමට වත්මන් ජනපති සමග එක්‌වෙනවා – කරුණා අම්මාන්

වර්තමානයේ උතුරු පළාත තුළ කිසිදු සංවර්ධන කටයුත්තක්‌ සිදුනොවන නිසා තමා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උදව් ලබාගනිමින් ජනතාවට සේවය කිරීමට නව පක්‌ෂය වන දෙමළ එක්‌සත් නිදහස්‌ පක්‌ෂය හරහා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හිටපු උප සභාපති මෙන්ම හිටපු නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් “දිවයින”ට ඊයේ (14 වැනිදා) පැවැසීය.
තවදුරටත් කතා කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා මෙසේද කීය.
දෙමළ එක්‌සත් නිදහස්‌ පක්‌ෂය ආරම්භ කරන්න හේතුව වුණේ දෙමළ ජනතාව නියෝජනය කරනවයි කියන දෙමළ ජාතික සන්ධානය හෙවත් ටී. එන්. ඒ. එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකර ජාතිවාදය පමණක්‌ වපුරවමින් හැමදාම විරුද්ධ පක්‌ෂයට වෙලා කාලය ගතකරන නිසයි. මේ අය දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වරප්‍රසාද ලබාගත්තත් ඒ අය දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැටලු ගැන සොයා බලන්නේ නැහැ.
නමුත් බලන්න අපේ මඩකලපුව ප්‍රදේශයේ ජීවත්වන මුස්‌ලිම් සහෝදරවරුන් නියෝජනය කරන මුස්‌ලිම් මන්ත්‍රීවරුන්. ඒ අය පවතින මොනයම් රජයකට හේත්තුවෙලා රජයේ ප්‍රබල ඇමැතිකම් ලබාගෙන ඔවුන්ගේ ජනතාවට ඉමහත් සේවාවක්‌ ඉටුකරනවා. දැනට පවතින රජයට ද ඒ මුස්‌ලිම් මන්ත්‍රීවරුන් සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ ජනතාවට සේවය කරනවා.
මම 2009-2014 පැවැති ආණ්‌ඩුව තුළ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු හා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සිටි කාලයේ ඒ ආණ්‌ඩුවේ උදව් උපකාර අරන් නැගෙනහිර පළාතේ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ කළා. ඒ සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ ඇත්තේ විශාල ප්‍රසාදයක්‌.
වර්තමානයේ මගේ පළාත තුළ කිසිම සංවර්ධන කටයුත්තක්‌ සිදුවෙන්නේ නැහැ. මේ නිසා දෙමළ ජනතාව මෙම දෙමළ ජාතික සන්ධානය ගැන කලකිරීමට පත්වෙලයි ඉන්නේ. මේ නිසා මා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උදව් අරන් මේ ජනතාවට සේවය කරන්න හිතුවා. අන්න ඒ නිසයි මා මෙම නව පක්‌ෂය පිහිටුවා ගත්තේ

Related posts

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Shiran Viraj

කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..

Shiran Viraj

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Shiran Viraj
Translate »