mediahumanrights.lk
Local News News

හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවට

නිවාඩු  නොලබා  හමුදා  සේවය හැරගොස්  සිටින ත්‍රිවිධ හමුදා  සාමාජිකයන් අත්අඩංගුවට  ගැනිම සඳහා  දිවයින පුරා සිදු කළ මෙහෙයුම්  වලදී  1300 දෙනෙකු  අත්අඩංගුවට  ගෙන ඇති බව හමුදා  ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා  පවසයි.
ඉකුත් දෙසැම්බර් 31 වැනි දින සිට  පෙරදින (13) දින දක්වා  පොලිසිය සමඟ ඒකාබද්ධව සිදු කළ මෙහෙයුම්  වලදී  මෙම පිරිස අත්අඩංගුවට  ගෙන ඇති බව ද බ්‍රිගේඩියර්වරයා කීය.
හමුදා  සාමාජිකයන් 984 දෙනෙක් ද නාවික හමුදා  සාමාජිකයන් 236 දෙනෙක් ද ගුවන් හමුදා  සාමාජිකයන් 14 දෙනෙක් ද වන බව හමුදාව කියයි.
නිවාඩු නොලබා  හමුදා සේවයට වාර්තා නොකර  සිටින ත්‍රිවිධ හමුදා  සාමාජිකයන්  අත්අඩංගුවට  ගැනීමේ මෙහෙයුම් තවදුරටත්  නොකඩවා  සිදු කරන බව හමුදා ප්‍රකාශකවරයා  පවසයි.

Related posts

සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…

Shiran Viraj

ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයි

Shiran Viraj

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

Shiran Viraj