mediahumanrights.lk
Local NewsNews

සියලු පාර්ශව සමග සාකච්ඡා කර සයිටම් ගැන සාධාරණ විසඳුමක්‌ ලබා දෙනවා – ජනපති කියයි

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විදුහල (සයිටම්) සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක්‌ ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල දරුවන්ට කිසිදු ආකාරයකට අසාධාරණයක්‌ වීමට ඉඩ නොතබන බවත් එනිසා පන්ති වර්ජනය නොකරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කරගනිමින් සියලු දරුවන්ට නිදහස්‌ අධ්‍යාපනය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

හෙතෙම මේ බැව් පැවසුවේ නුවරඑළිය “හුට්‌විල්පුර” නව ගම්මානය ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් ඊයේ (09 වැනිදා) තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවකදීය.

Related posts

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

Shiran Viraj

පුංචි ඡන්දය රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක්

Shiran Viraj

පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..

Shiran Viraj
Translate »