27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලා

මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වී සම්බාහනයක් නොමි‍ලේ ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුත්තලම කොට්ඨාසයේ උප ‍පොලිස් පරීක්ෂක දැඩි අප කොන්දේසි මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා (06) නියෝග කළේය.
රු. 10,000ක මුදල් හා රු. 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා  හැරීමට නියෝග කරමින් මාසයේ තුන්වෙනි ඉරුදින මීගමුව ‍පොලිසියේ පෙනී සිටීමට සැකකරුට නියම කරන ලදී. සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගය දෙමින් පැවසීය. උප ‍පොලිස් පරීක්ෂක එම ආයතනයට සම්බාහනය කරවා ගැනීමට කොපමණ වාර ගණනක් ගොස් ඇත්දැයි මීගමුව ‍පොලිසියෙන් මහෙස්ත්‍රාත්වරයා විමසූ විට පැමිණිල්ල මෙහෙයවන ලද මීගමුව ‍පොලිසියේ සැරයන් පැවසුවේ පස් වතාවක් ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවය. මෙලෙස ඇප මත මුදා හැරුණේ හුණුපිටියේ ගැමුණු මාවතේ අංක 39හි පදිංචි, පුබුදු ප්‍රසන්න ජයනාථ රාමනායක නමැති උප ‍පොලිස් පරීක්ෂක කෙනෙකි.

Related posts

‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..

Shiran Viraj

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Shiran Viraj

කොරෝනා ආසාදිතයින් ගණන 582 දක්වා ඉහළට

Shiran Viraj
Translate »