28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News Local News News

ශ්‍රී ලංකා – චීන මිතුදමට 60 පනී

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය වී අදට වසර 60ක් සපිරෙයි.
ඒ වෙනුවෙන්, දෙරටේ ජනාධිපතිවරු අද අන්‍යොන්‍ය වශයෙන් සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබේ.
Presi
පසුගිය වසර 60ක කාලය තුළ ජාත්‍යන්තර ප්‍රවණතාවන්හි වෙනස්කම් හමුවේ දෙරටේ සබඳතා‍වන්හි විධිමත් වර්ධනයක් සිදුව ඇතැයි චීන ජනාධිපති Xi Jinping මහතා තම ශුභාශිංසන පණිවුඩයේ සඳහන් කර ඇත.
චීන – ශ්‍රී ලංකා සබඳතා ඉහළින් අගය කරන ඔහු ‘එක් තීරයක්, එක් මාවතක්’ යන යෝජනාවට ශ්‍රී ලංකාව සක්‍රීය ලෙස එක් වීම සම්බන්ධයෙන් ප්‍රශංසා පළ කරයි.
දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය යහපත් සහයෝගිතා පුළුල් කර සිවිල් මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් පසු වන බව චීන ජනාධිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.
අවංක හා අන්‍යෝන්‍ය සහය සහිත පාරම්පරික මිතුදමෙන් යුත් ක්‍රමෝපායීය හවුල්කාරී සබඳතාවේ නව ජීවයක් අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා – චීන මිතුදම අතීතයේ සිට පවතින සැබෑ මිත්‍රශීලි සබඳතාවක් බව මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.
රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත වූ වසර 60 තුළ, තිරසර මෙන්ම විධිමත් ලෙස ශක්තිමත් වූ දෙරටේ සබඳතාව ක්‍රමෝපායීය හවුල්කාරී සබඳතාවක් දක්වා වර්ධනය වී ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍යවරුන්ගේ සුබ පැතුම් පණිවුඩ:
PM
මේ අතර, චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරිමේ 60 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් චීන සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් ද සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබේ.
1957 වසරේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමෙන් පසුව, දෙරට අතර සබඳතා නොකඩවා විධිමත් ලෙස වර්ධනය වී ශක්තිමත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.
සාම්ප්‍රදායික මිතුදම තර කිරීම, අන්‍යෝන්‍ය ඵලදායී සහයෝගිතා නව තලයකට ගෙන ඒම සහ චීන – ශ්‍රී ලංකා ක්‍රමෝපායීය සහයෝගිතා හවුල්කාරී සබඳතාව ඉදිරියට මෙහෙයවීම සඳහා, ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් චීනය කැමැත්තෙන් පසු වන බව ද චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මේ අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පණිවුඩය මගින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය ගොඩ නැගුණේ පැරණි මුහුදු සේද මාවත තුළින් වන අතර, මෙම මිත්‍රත්වය වසර සීය ගණනාවක් තිස්සේ පවත්වා ගැනීමට රටවල් දෙකට හැකි වී ඇති බවය.
චීනය ඉදිරිපත් කළ ‘එක් තීරයක්, එක් මාවතක්’ සංකල්පය ඇසුරින් ශ්‍රී ලංකාව සහ චීනය අතර මිතුදම තවදුරටත් වර්ධනය වනු ඇති බවත්, දෙරට අතර සහයෝගිතාවට ද එම සංකල්පය හේතුවෙන් නැවුම් අවස්ථා හිමි වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීම, සහයෝගිතා ක්ෂේත්‍ර අඛණ්ඩව ව්‍යාප්ත කිරීම මෙන්ම, දෙරට ජනතාවට සුබසෙත සැලසීම සඳහා චීනය සමග පොදුවේ පියවර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

Related posts

යම රජ්ජුරුවන්ගේ දුව

Shiran Viraj

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

Shiran Viraj

මහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…

Shiran Viraj