27.8 C
Colombo
2026-08-03
mediahumanrights.lk
International NewsLocal NewsNews

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයි

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා.
ඒ, කැන්බරා නුවර ඊයේ පැවති  ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු විස්සයි විස්ස තරඟයට පෙර පැවති භෝජන සංග්‍රහයට එක්වෙමින්.
මෙහිදී  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේ්  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි විස්ස තරඟ මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබාදුන්නේ දෙරටේ මිත්‍රත්වය නිරූපනය කරන සංකේතයක් ලෙස බවයි.
ශ්‍රී ලංකාවේ සහ  ඕස්ට්‍රේලියාවේ සමානකම් අතර ක්‍රිකට් උන්මාදය මුල් තැනක් ගන්නා බව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරුන් දෙපළ කැන්බරා නුවර පැවති මෙම විස්සයි විස්ස පුහුණු තරගය නැරඹීමටද ඊයේ එක්වුණා.
එම තරඟයේ කාසියේ වාසිය උරගා බැලීම සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා කාසියක් උපයෝගී කර ගනිමින් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
ඉන් අනතුරුව කණ්ඩායම් දෙක සමඟ සමූහ ඡායාරූපයකටද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් පෙනී සිටියා.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Shiran Viraj

වී ගොවියන්ට සාධාරණ මිලක් සහතික කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට ඇප ණය ක්‍රමයක්

Shiran Viraj
Translate »