mediahumanrights.lk
Local News News

වස විස නැති අපේ උරුමයට පණ පොවන දෑත්

අපි වී වර්ග තිස්‌ පහක්‌ පමණ මේ වනවිට හඳුනාගෙන සංරක්‍ෂණය කරනවා. අපේ සංවිධාන ජාලයෙන් වෙළෙඳපළට නිකුත් කෙරෙන්නේ වර්ග දහසයක්‌ පමණයි. ඉතිරි වර්ග වෙළෙඳපළට නිකුත් කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඉදිරියේදී අපේ තවත් හොඳ වී වර්ග නිකුත් කරන්න හැකි වෙයි. දැනට අපි නිකුත් කරන්නෙ සුවÄල්, පච්චපෙරුමාල්, ගෝනබරු, සුදු මුරුංගා, රත්ඇල්, මුත්තැස්‌ස, රන් කහවනු, කුරුළු තුඩ, හීනටි වර්ග 4 ක්‌ වගේම දහනල වර්ග 2 ක්‌ විතරයි.
නිරුවත් දෙපයට දැනෙන සීතලෙන් මුළු ගත ම සැනහී යයි. ඉතාමත් සරුවට වැවී ඇති ගිරාපළා, තුනැස්‌ස, තුන්හිරියා, පළල් පත්‍ර කුඩා අවධියේ ශේෂව ඇති මතකය අලුත් කරවන්නේ ය. ඒ පැළෑටි හා මුසු වූ තණබිස්‌ස දෙපය දැවටෙමින් තිබේ. තණබිස්‌ස පරයා නැඟුණු පීදුණු ගොයම නිලට නිලේ දිස්‌වෙයි. තවමත් නොමේරූ වී කරල් නිල්ල ගැහුණු ගොයම විචිත්‍රවත් කරන්නේ ය. ළා වර්ණිත පළසක්‌ එළා ඇතිවාක්‌ වැන්න. හමා එන සුළඟ සර සර හඬින් ගොයම පිස විත් ගතේ දැවටෙයි. ඈත කෙළවර සිට දෙපා අභියසට ම පැතිර ඇති සාර කෙත කියාපාන්නේ සශ්‍රීක පොළවක අරුමයමැයි සිතේ. පාරම්පරික උරුමයන් වැළලෙන්නට ඉඩ නොදී රැක ගැනීමේ ප්‍රයත්නයක්‌ මස්‌තකප්‍රාප්ත වූ අයුරු මහත් උද්දාමයෙන් බලා හිඳින දෙදෙනෙක්‌ අප ඉදිරියේ වෙති.. දහදිය හෙළමින් මේ මහා පින් බිම සාරවත් කෙත් යායක්‌ බවට පරිවර්තනය කළා වූ රසික ප්‍රේමසිරිත් චන්දන රණසිංහත් නිල් ගොයම දෙස බලා හිඳින්නේ නිහතමානි ආඩම්බරයකිනි. කරලින් බර වූ ගොයම එහි නියත උරුමක්‌කරුවන් දෙදෙනාගේ දැතේ පහස ලබමින් තිබේ. රසිකගේත් චන්දනගේත් ඒ පි මැදීම සිය දරුවාගේ හිස මෘදුව පිරි මදින දයාබර මවකගේ ස්‌නේහය සිහි ගන්වන්නේ ය. එතරම් ම වූ සොඳුරු දසුනකි ඒ . දැඩි අව් රෂ්මියෙන් මතු වන දාහය ද පය පෑගණු නියර මත වු සීතලෙන් පහ කරවයි. තැනින් තැන බැඳුණු මකුළු දැල් ද තැනින් තැන සරනා බත් කූරන් ද ගොයමේ ආරක්‍ෂකයෝ ය. මේ සියල්ල මහත් අභිරුචියෙන් ඩැහැ ගනිමින් සිටින සොයුරු ලාල්ගේ කැමරා කාචය නොනවත්වා ක්‍රියාත්මක ය.
අප හිඳින්නේ ගිරිඋල්ලට ආසන්න පන්සල්හන්දිය ග්‍රාම සේවා වසමේ පිහිටි පරම්පරික ක්‍රම මතින් සශ්‍රීක කරන ලද පින් බිමක ය. නැතහෙත් ස්‌වභාවික ක්‍රම මතින් සාරවත් වූ නිල්ලට දිස්‌ වන වෙල් යායක ය. පොළවේ කිසිදු ජීවියකුට අංශු මාත්‍රයක හානියක්‌ නොවූවා පමණක්‌ නොව කිසිදු වල් පැළෑටියකට පවා හානියක්‌ නොවන අන්දමේ පරිසර හිතකාමී ප්‍රයත්නයකි. මේ මහා සශ්‍රීක පොළව මත පය තබන්න ට අප පොළඹවනු ලැබ තිබුණේ වස විසෙන් තොර පාරම්පරික ගොවිතැන පිළිබඳ පවතින සමාජ කතිකාවත විසිනි. ඒ කතිකාවත ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් බොහෝ පිරිසකගේ මුවග මුවග රැව් දෙමින් පවතින හෙයිනි. අතීතයේ පැවති ඒ මාහැඟි උරුමය වැනසී යමින් පැවති වකවානුවක යළි එය මේ මිහි මත පෙරටත් වඩා ශක්‌තිමත්ව ස්‌ථාපිත කරලීමේලා වු රසිකලාගේ ප්‍රයත්නය සැබවින් ම සාර්ථක වී තිබේ. ඒ සාර්ථකත්වයේ නියමුවෝ ඔවුහු ය. ඒ සාර්ථකත්වයටත් වඩා අතීත උරුමයන් වර්තමානය හා බෙදා ගැනීමට හැකි වීමේ අව්‍යාජ සංතුෂ්ටිය ඔවුන්ගේ කතාවෙන් කියෑවෙන්නේ ය.
රසික කතාවට මුල පිරුවේය. “අපේ තාත්තා පාරම්පරික ගොවියෙක්‌. aනමුත් අපේ පැවැති ක්‍රමයෙන් වෙනස්‌ වී අලුත් අලුත් වගා ක්‍රම එළි බැස්‌ස නිසා තාත්තලා ගොවි තැනෙන් ඉවත් වුණා. අපි මේ පය ගසාගෙන ඉන්න සාරකෙත 1999 කාලෙදී පුරන්වෙලා තිබුණේ. කවුරුත් කැමැති වුණේ නැහැ ගොවිතැන් කරන්න. හැමතැනම කිව්වේ පාඩුයි කියලා. නව ක්‍රම අනුව කෘමිනාශක, පොහොර, වල්නාශක වැනි අධික යෙදවුම් නිසා වියදම් වැඩි වුණා. මේ වියදම් හා අස්‌වැන්න බලද්දී හාල් කඩෙන් ගැනීම ලාබයි. කියන මතය හැමදෙනා අතරම තිබුණා. ඒ කාලෙදි අපේ පන්සල් හන්දිය ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරී ලෙස සේවය කළේ චන්දන. චන්දනගේ අදහස්‌ ටිකක්‌ වෙනස්‌. අපිට ඒ දවස්‌වල ආරංචි වුණා. කාබනික විධියට ගොවිතැන් කරන ක්‍රමයක්‌ ගැන. කාබනික කියන වචනය පාවිච්චි කරන්නේ දැන්නේ. ඒ දවස්‌වල ඒ ක්‍රමය හැඳින්වුණේ පාරිසරික ගොවිතැන කියලා. ඒ ක්‍රමයට වගා කළේ මැල්ලවලානේ ඩී. එම්. ප්‍රේමරත්න කියන ගොවි මහත්තයා. අපි කිහිපවරක්‌ ගිහිල්ල එතුමා හමුවෙලා උපදෙස්‌ අරං වැඩේ පටන් ගත්තා. තාත්තලාගේ කාලෙ ඉඳලා මේ පාරම්පරික ක්‍රම තිබුණත් ඒව කරන්න තාත්තල බය වුණා.”
පාරම්පරික ගොවිතැන ක්‍රමයෙන් හීන වී ගොස්‌ තිබූ මොහොතක හෙළයේ මහා ගොවියන් පවා එම නව ක්‍රමයන්ට හුරු වී සිටි වකවානුවක මේ දෙදෙනාගේ නවමු උත්සාහයේ විශිෂ්ටය.
“ප්‍රේමරත්න මහත්තයයි අපි දෙන්නයි තමයි ලංකාවෙ ප්‍රථමවරට පැරණි ගොවිතැන් ක්‍රමයට අත තැබුවේ.”
රසිකගෙ හඬ තුළ ඇත්තේ ආඩම්බරයකි.
“මුලින්ම අපි වගා කළේ හැංගිමුත්තං කියන පාරම්පරික වී වර්ගයත් බතලේගොඩ පර්යේෂණායතනයෙන් හඳුන්වා දුන් බී. ජී. 450 කියා වී වර්ගයක්‌ විතරයි. අපිට වගා කරන්න කියලා මහා පරිමාණයෙන් බීජ ලැබුණේ නැහැ. වී පෙට්‌ටියකින් එකතු කළ ටිකක්‌ විතරයි ලැබුණේ. ඒ කාලෙදී සුවÄල්, ගෝනබරු, මඩතවාලු, පච්චපෙරුමාල් වැනි වී වර්ග අපිට ලැබුණේ නැහැ. අපි වැව් තාවුලුවල ඇවිදල සොයාගත්ත වී වර්ග මල්පෝච්චිවල වගා කරල තමයි වර්ධනය කර ගත්තෙ. අපිට සුවÄල් ලැබුණේ ගිනි පෙට්‌ටි පියනකට තරම් විතරයි. බීජ කිලෝ ගණන්, බුසල් ගණන් ලැබුණේ නැහැ. ලග්ගල පැත්තෙ කෙනෙක්‌ තමයි අපිට සුවÄල් දුන්නේ.
එවන් තත්ත්වයකින් වූ ආරම්භයේ ශක්‌තිය වර්තමානය වන විට කෙනෙක්‌ විහිදී පැතිරී පවතින්නේ ද යත් රසිකලාගේ වස විසෙන් තොර කෘෂිකර්මාන්තයේ නියෑලෙන පිරිස තුන්දහසක්‌ පමණ ය. ඒ… ඡ්ර්ඉදආ නම් සංවිධානය යටතේ ය. zපැරබෝවZ යනු පැරණි බෝග වගාව යන්න කෙටිකර නිර්මාණය කර ගත් නාමයයි.
“ලංකාව පුරාම අපි ඒකාබද්ධ වෙලා වැඩ කරනවා. 99 දී අපි මේ ගොවිතැන ආරම්භ කරද්දී සමහරු කිව්වා අපිට පිස්‌සු කියලා. හැබැයි ගොයම් ගහ හොඳට වැඩිලා කරලින් බර වුණාට පස්‌සෙ එහෙම කියූ අය හොරෙන් කඩාගෙනත් ගියා.” රසිකගේ මුවෙහි ඇඳී ඇත්තේ සිනහවකි.
අතීතයේදී ශ්‍රී ලංකා ධරණි තලය මත පීදුණු දේශීය වී වර්ග කෙතරම් ප්‍රමාණයක්‌ වන්නට ඇත්දැයි සිතෙන්නේ මේ දෙදෙනා හා දොඩමළු වූ පසුය.
අපි වී වර්ග තිස්‌ පහක්‌ පමණ මේ වනවිට හඳුනාගෙන සංරක්‍ෂණය කරනවා. අපේ සංවිධාන ජාලයෙන් වෙළෙඳපළට නිකුත් කෙරෙන්නේ වර්ග දහසයක්‌ පමණයි. ඉතිරි වර්ග වෙළෙඳපළට නිකුත් කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඉදිරියේදී අපේ තවත් හොඳ වී වර්ග නිකුත් කරන්න හැකි වෙයි. දැනට අපි නිකුත් කරන්නෙ සුවÄල්, පච්චපෙරුමාල්, ගෝනබරු, සුදු මුරුංගා, රත්ඇල්, මුත්තැස්‌ස, රන් කහවනු, කුරුළු තුඩ, හීනටි වර්ග 4 ක්‌ වගේම දහනල වර්ග 2 ක්‌ විතරයි.
අලෙවි කිරීමේදී උද්ගත වන ගැටලු පිළිබඳ අපි විමසුවෙමු.
“අලෙවි කිරීම ගැන අපිට ප්‍රශ්න මතු වෙන්නේ නැහැ.”
වස විසෙන් තොර නිෂ්පාදන සඳහා දේශීය වශයෙන් පවතින ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව නොරහසකි. ඒ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක්‌ රටට ලබාදීමට රසිකලා සිය ශ්‍රමය දහදිය කැප කරන්නේ සතුටිනි. වස විසෙන් තොර නිෂ්පාදන සඳහා වන ඉල්ලුම දේශීය වශයෙන් මතුනොව ජාත්‍යන්තර වශයෙන් ද වර්ධනය වෙමින් තිබේ. ඒ වර්ධනීය තත්ත්වය දේශීය ගොවීන්ගේ සතුටට හේතුවකි.
“ඇණවුම් ලැබෙන පරිදි අපි ඉතාලියටත් කැනඩාවටත් මේ සහල් අපනයනය කරනවා.”
ගිනිපෙට්‌ටි පියනක තරම් බීජ ප්‍රමාණයකින් නිෂ්පාදන ආරම්භ කරන ලදුව අද වනවිට ජාත්‍යන්තරයටත් දේශීය නිෂ්පාදන අපනයනය කිරීමට තරම් රසිකලා ශක්‌තිමත්ව සිටීම කෙතරම් අගය කළ යුතු තත්ත්වයක්‌ ද? එපමණක්‌ නොව අතිරික්‌ත සහල්වලින් හාල්පිටි සහ නූඩ්ල්ස්‌ නිsෂ්පාදනය කිරීමට ද ඔවුන් පියවර ගෙන ඇත්තේ මීට කලකට ඉහතදී ය.
“අපි තව අලුත් නිෂ්පාදනයක්‌ අත්හදා බලමින් සිටින්නේ”
ඒ රසිකගේ හඬය.
“මොකක්‌ද ඒ……?” අපි විමසුවෙමු.
සුවÄල් කියන්නේ රස වගේ ගුණ සහල් වර්ගයක්‌ ඉතින් අපි සුවÄල්වලින් කිරි වර්ගයක්‌ නිෂ්පාදනය කරන්න සූදානමක්‌ තිබෙනවා.”
මේ සහල් කිරි වර්ගය පිළිබඳ දෙශීය වශයෙන් කිසිදු කතාබහක්‌ මෙතෙක්‌ නැති මුත් එම සහල් කිරි ටොන් හතක ඇනවුමක්‌ ජර්මනියෙන් දැනටම ලැබී අවසන් ය. ජර්මනියේ ඇණවුම ලැබී ඇත්තේ සුවÄල් සහලෙන් පමණක්‌ නොව ඕනෑම දේශීය සහලකින් නිෂ්පාදනය කෙරෙන කිරි සඳහා ය.
නිෂ්පාදනය කිරීමටත් ප්‍රථම ජර්මනියෙන් ඇණවුම් ලැබීමට තරම් බැරබෝව සංවිධානයට ඇති ජාත්‍යන්තර පිළිගැනීම කුමක්‌ද යන්න සහ එතරම් සුවිශේෂී ඉමක්‌ ගොඩනඟා ගත්තේ කෙසේද යන්න අපගේ ප්‍රශ්නය විය.
“ලංකාවෙ තියෙනවා බයෝ µqඩ් කියලා ආයතනයක්‌. කාබනික නිෂ්පාදන පමණයි අපනයනය කරන්නේ. ඉතින් අපේ ගොවි සංවිධානයට අයත් සාමාජිකයන් තුන්aදහසම බයෝ µqඩ් ආයතනයට නිෂ්පාදන සපයනවා. ඒ ආයතනය තමයි අපිව විශාල වශයෙන් දිරි ගැන්වූයේ. අපේ සංවිධානය සහල් කිරි නිෂ්පාදනය සඳහා සූදානම් වන බව බයෝµqඩ් ආයතනය ජර්මනයට දැනුම් දීලා තිබෙනවා. ඒ අනුවයි ටොන් හතක ඇනවුමක්‌ අපට එන්නෙ. අපි වස විසෙන් තොරව කාබනික නිෂ්පාදනය කරන බව ජාත්‍යන්තරව දන්නවා.”
දේශීය කාබනික නිෂ්පාදන කෙරෙහි ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ලබා ගත හැකිවන මට්‌ටමක්‌ කරා ළඟා වීමට හැකි වීම පෞද්ගලිකව රසිකලාට පමණක්‌ නොව ජාතියේ ම් ජයග්‍රහණයක්‌ වන්නේය. ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක්‌ දක්‌වා ඔසවා තබමින් ශ්‍රී ලංකා මාතාවගේ නාමය ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමේ මහඟු කාර්ය භාරයක්‌ ද ඔවුන් අතින් ඉටු වෙමින් තිබේ. පැරබෝව සංවිධානයට පවතින ජාත්‍යන්තර පිළිගැනීම කෙසේදයත් කාබනික නිෂ්පාදනය කරන සංවිධානයක්‌ ලෙසට පැරබෝව සංවිධානය උදරකා Sමිඒසබ්ඉකැ Aටරසජමකඑමරුs Assදජස්‌එසදබ ආයතනයෙන් සම්මාන ලැබූ ශ්‍රී ලංකාවේ පළමු සංවිධානය ලෙස ඉතිහාසයට එක්‌වී හමාරය. එමෙන්ම උදරකා Fරසැබා දෙ Eaරඑය ආයතනය ද පැරබෝව සංවිධානය පිළිගෙන සහතිකයක්‌ ලබාදී තිබේ.
“මෙතරම් ජාත්‍යන්තර පිළිගැනීමක්‌ අපිට තිබෙන්නේ කෘබනික නිෂ්පාදන කරන නිසයි. කාබනික නිෂ්පාදනවලට ලෝකෙ ඕනෑම රටක ඉහළ පිළිගැනීමක්‌ තිබෙනවා.”
“අපේ ගොවි ජනතාව රසායනික පොහොර උගුලේ වැටිලා ඉන්නේ. ඒ ක්‍රමයට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇබ්බැහි වෙලා. දැන් ගැලවෙන්න අපහසුයි. නමුත් හරි සුවය වින්දොත් එදාට දේශීය ක්‍රම හැර වෙනත් ක්‍රම හොයන්නෙ නැහැ.
රසිකගේ හඬ වේගවත් ය.
“පැරබෝව සංවිධානය මේ තත්ත්වයට ආවෙ නිකම්ම නොමෙයි. 2001 වසරේදී දේශීය සහල් වර්ග 21 ක සාම්පල් ජර්මනියෙන් ගෙන ගොස්‌ පරීක්‍ෂණයකට ලක්‌ කළා. රටේ විවිධ ගොවීන් නිෂ්පාදනය කළ ඒ සහල් වර්ග 21 න් වස විස නැති බවට තහවුරු වෙලා තිබුණේ. අපේ සංවිධානයේ සාම්පල් විතරයි. ඉතින් එදා ඉඳලා ජර්මනිය පැරබෝව කෙරෙහි බරපතළ විශ්වාසයක ඉන්නේ. අපි ඒ විශ්වාසය බිඳින්නෙ නැහැ.”
වස විසෙන් තොර නිෂ්පාදන දිරිමත් කිරීම වෙනුවෙන් ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කුමන අදහසක්‌ දරන්නේ දැයි අපි විමසා සිටියෙමු.
“ග්ලයිෙµdසෙට්‌ තහනම් කිරීම ඉතාම හොඳ වැඩක්‌. ජාත්‍යන්තරය මේ පිළිබඳ බලා සිටියා. ජාත්‍යන්තරයට අපේ නිෂ්පාදන යවද්දී ඒ අය අහන ප්‍රශ්නය තමයි කාබනික නිෂ්පාදන සඳහා රටේ තව ඉඩ තියෙනවද කියන එක. ඒ ප්‍රශ්නය නිවැරැදියි.
අපි එතරම්ම පොළවට විස කවලා තියෙන්නේ. එවන්a තත්ත්වයකදීත් අපිට කාබනික නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ නමක්‌ දිනා ගැනීමට හැකි වීම සතුටක්‌.”
බහු ජාතික සමාගම් විසින් වනසන ලද අපේ උරුමයන් රැක ගැනීමට හැකි වීර්යයෙන් යුත් ශක්‌තිමත් දැත් ඔවුන් සතුය. ජාතික වගකීමක උත්තරීතර භාවය කෙතරම් ද යන්න රසිකලාත් චන්දනලාත් රටට කියාපාන්නාහ.

Related posts

වදුරෙක් විසින් පැහැර ගෙන ගිය බිළිදාගේ සිරුර ළිදකින් හමුවෙයි

Shiran Viraj

කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්

Shiran Viraj

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

Shiran Viraj