mediahumanrights.lk
Local News News

රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානි


රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ය.
මේ වන විට ඉන් අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.
රක්ෂිතය මධ්‍යයේ ගින්න හට ගෙන ඇති බැවින් ගිනි නිවීමේ කණ්ඩායම්වලට ද මෙතෙක් එම ස්ථානයට ළගා වීමට හැකියාවක් ලැබී නොමැති අතර මින් කිසිඳු ජීවිත හානියක් සිදු ව නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය.

Related posts

මහලුවිය පමාකර ගන්න ඖෂධීය තෙල් සාත්තුව

Shiran Viraj

මිචෙල් ස්ටාක් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ටොම් කරන් කැඳවයි

Shiran Viraj

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

Shiran Viraj