mediahumanrights.lk
Local News News

බුදු දහම පෝෂණය කිරීමේ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා

බුදු දහම පෝෂණය කිරීමේ සහ  සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහම සම්බන්ධයෙන් සඳහන් කරුණු තව තවත් ශක්තිමත් කිරීමට ද පියවර ගන්නා බවය.
එය ලිඛිත කරුණු වලට පමණක් සීමා නොකොට බුදු දහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා පවසයි.
කෑගල්ල, නාපේ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

Related posts

සිර භාරයෙන් පැන යාමට තැත් කළ පාතාල නායකයා පොලිස් වෙඩි පහරින් මරුට

Shiran Viraj

ධුරයට සමුදී විනෝදෙන් ඉන්න ඔබාමා

Shiran Viraj

සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..

Shiran Viraj