mediahumanrights.lk
Local NewsNews

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ට ලොකු පුටු

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු  සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට ඔවුන් අදාළ තනතුරු සඳහා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.
ඒ අනුව  ඇමති ආරක්ෂක කොට්ඨාශයේ යු.පි.සෙනෙවිරත්න, කොළඹ උතුර කොට්ඨාශයේ එච්.ජි.ඩි.එස්.අමරසිංහ, ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඒ.ජේ.ගුණසේකර සහ නුගේගොඩ කොට්ඨාශයේ ඩබ්ලිව්.එච්.බණ්ඩාර යන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related posts

ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියි

Shiran Viraj

පීඩන අවපාතය ත‍්‍රි’මලය ඉදිරියේ.. පැය හයකින් තීව‍්‍ර සුළි කුණාටුවක්.. රතු නිවේදන නිකුත් කෙරේ..

Shiran Viraj

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

Shiran Viraj
Translate »