mediahumanrights.lk
Local News News

ගබ්සාව නිතිගත කිරීමට එකග නැහැ – අගරදගුරු

මෙරට තුළ ගබ්සාව නිතිගත කිරීමට සුදානම් වන්නේ නම් එය අනුමත නොකරන බව අගරදගුරු මැල්කම් රංජිත් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එය පාපී ක්‍රියාවක් බව දස පනත මගින් ද අනුමත කර ඇති බවයි.
රදගුරුතුමා එසේ ප්‍රකාශ කලේ කළුතර සිරි කුරුස දේවස්ථානයේ කළුතර දිසාවේ 2017 ලුර්දු දේව මාතා මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් පැවති සන්ද්‍යායාම යැදුම උත්සවය අමතමිනි.
මේ එහි දී තවදුරටත් අදහස් දැක් වූ අගරදගුරු මැල්කම් රංජිත් –
අපි සියළු ආගම් අධහන්නන්ට ඒ සඳහා උදව් උපකාර කල යුතුයි.
ආගමික ජීවිතේට අපි කැපවිය යුතුයි.
ශ්‍රි ලංකාව තුල ආගමික ශිෂ්ඨාචාරය සංකෘතික ශිෂ්ඨාචාරය ඇති කරලා මේ රට ලස්සන කරන්න හැකි වේවි.
රටේ අධිවේගී පාරවල් හැඳුවත්, ගුවන් තොටුපල හැදුවත්, මිනිසුන් තුල ආගමික සහජීවනය නැතිනම් ඒ රට දියුණු කරන්න දුෂණ වංචා නැති කරන්න බැහැ.
එදා හිට්ලර් යුදෙව්වන් 60 ලක්ෂයක් ගැස් කාමරවලට දමා ඝාතනය කලා, ආගම අබින් ලෙස හැඳින්වූවා, ආගම කියන්නේ අවශ්‍ය වෙලාවට ඇදඟන්නා අනවශ්‍ය වේලාවට ගලවා න කෝට් එකක් නොවේ.
මිනිසුන්ගේ සිත්තුල ආගමික සිතුවිලි ජනිත වීම තුල පමණයි රටක සාමය සමගිය ඇති වී රටක් ලස්සන වන්නේ යැයි ද අවසන් වශයෙන් අදරදගුරු හිමිපාණෝ පැවසුහ.

Related posts

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Shiran Viraj

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානය

Shiran Viraj