31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ගබ්සාව නිතිගත කිරීමට එකග නැහැ – අගරදගුරු

මෙරට තුළ ගබ්සාව නිතිගත කිරීමට සුදානම් වන්නේ නම් එය අනුමත නොකරන බව අගරදගුරු මැල්කම් රංජිත් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එය පාපී ක්‍රියාවක් බව දස පනත මගින් ද අනුමත කර ඇති බවයි.
රදගුරුතුමා එසේ ප්‍රකාශ කලේ කළුතර සිරි කුරුස දේවස්ථානයේ කළුතර දිසාවේ 2017 ලුර්දු දේව මාතා මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් පැවති සන්ද්‍යායාම යැදුම උත්සවය අමතමිනි.
මේ එහි දී තවදුරටත් අදහස් දැක් වූ අගරදගුරු මැල්කම් රංජිත් –
අපි සියළු ආගම් අධහන්නන්ට ඒ සඳහා උදව් උපකාර කල යුතුයි.
ආගමික ජීවිතේට අපි කැපවිය යුතුයි.
ශ්‍රි ලංකාව තුල ආගමික ශිෂ්ඨාචාරය සංකෘතික ශිෂ්ඨාචාරය ඇති කරලා මේ රට ලස්සන කරන්න හැකි වේවි.
රටේ අධිවේගී පාරවල් හැඳුවත්, ගුවන් තොටුපල හැදුවත්, මිනිසුන් තුල ආගමික සහජීවනය නැතිනම් ඒ රට දියුණු කරන්න දුෂණ වංචා නැති කරන්න බැහැ.
එදා හිට්ලර් යුදෙව්වන් 60 ලක්ෂයක් ගැස් කාමරවලට දමා ඝාතනය කලා, ආගම අබින් ලෙස හැඳින්වූවා, ආගම කියන්නේ අවශ්‍ය වෙලාවට ඇදඟන්නා අනවශ්‍ය වේලාවට ගලවා න කෝට් එකක් නොවේ.
මිනිසුන්ගේ සිත්තුල ආගමික සිතුවිලි ජනිත වීම තුල පමණයි රටක සාමය සමගිය ඇති වී රටක් ලස්සන වන්නේ යැයි ද අවසන් වශයෙන් අදරදගුරු හිමිපාණෝ පැවසුහ.

Related posts

පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේ

Shiran Viraj

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Shiran Viraj

වැඩි මිලට බඩු විකුණන වෙළඳුන්ට වැඩ වරදියි

Shiran Viraj
Translate »