29.5 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..

උතුරේ කිසිදු ඉඩමක්‌ ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් ප්‍රකාශ කර ඇත.
උතුරු පළාත් සභාවේ 84 වැනි සැසි වාරය අමතමින් හෙතෙම මේ බව පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් තමා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට උපදෙස්‌ දී ඇති බවත් යම් තීන්දුවක්‌ ගැනීමට පෙර පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැන්විය යුතු බව මහ ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශකර ඇත.
උතුරු පළාත් සභාව මේ වන විට යෝජනා 320 ක්‌ සම්මත කර ඇති අතර ඉන් සියයට 90 ක්‌ම රජයට එරෙහි යෝජනා වේ.
ආරක්‍ෂක හමුදාව සඳහා ඉඩම් පවරා ගැනීමට තමා වෙත පැමිණි අවස්‌ථාවේ ප්‍රතික්‍ෂේප කළ බවද විග්නේෂ්වරන් පවසා ඇත.
– දිවයින

Related posts

ඔබේ සිත් සොරා ගත් ආදර මධු

Shiran Viraj

රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…

Shiran Viraj

අදත් දුම්රියක් කොට උඩ

Shiran Viraj
Translate »