mediahumanrights.lk
Local News News

තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…

මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන්ට මේ බව දන්වා ඇතැයිද පවසන ඔහු මීළඟ ඉන්ධන නැවු පැමිණීමේ දිනයන් සදහන් කිරීමට නොහැකි බවත් පවසයි.

ඒ අනුව මීළඟ බොරතෙල් නැව පැමිණෙන තෙක් පිරිපහදුව සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දමන බවත් හෙතෙම කියා සිටියි.

මීළඟ ඉන්ධන නැව පැමිණි වහාම විදුලි බල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් සීමිත ඉන්ධන තොග ලබන සතිය පුරා සීමිත ස්ථාන වෙත බෙදා හරින බවත් ඔහු පවසයි.

ඒ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල රැඳී සිටීමෙන් වලකින ලෙසද ඔහු ජනතාවට දැනුම් දෙයි.

Related posts

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්

Shiran Viraj

බසයේ පසුපස රෝදයට යටවි යතුරු පැදියේ ගමන් ගත් දෙදරු පියා ජිවිතක්ෂයට…

Shiran Viraj

ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ' – කෙහෙළිය

Shiran Viraj