mediahumanrights.lk
Local News News

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ විසින් මේ සඳහා වන වැඩපිළිවෙල ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙත ලිඛිතව යොමු කළ බව ද උන්වහන්සේ කියා සිටිති.

ඉතා ඉක්මනින් අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බවද පවසන උන්වහන්සේ පාට පක්ෂ පසෙක දමා ජන ජීවිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවද කියා සිටී.

පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඇති තරම් ඉන්ධන අඩු මිලට ලබා දිය හැකි බව රුසියානු නියෝජිතයන් තමන් වහන්සේට ලිඛිතව දැනුවත් කර ඇති බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

Related posts

සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

Shiran Viraj

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Shiran Viraj

වසාදැමූ තාරාපුරම් යලි අරී..

Shiran Viraj