mediahumanrights.lk
Local News News

නොරොච්චෝල ලොකු දෝෂයක්.. විදුලි ජනනය අඩපනයි.. හැදුවත් දිගටම ලෙඩ දෙයිලු..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් එමගින් උපරිම ධාරිතාවකින් යුතුව විදුලිය නිෂ්පාදනය ගැටළුකාරී වී තිබේ.

විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ මෑතකදී රට පුරා සිදු වූ පැය ගණනාවක හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝල විදුලි උත්පාදන යන්ත‍්‍රයේ ඇතැය් කොටස්වලට දෝෂ හානි සිදු වී ඇති බවයි.

ඇතැම් කොටස් චීනයෙන් ගෙන්වා අලුතෙන් දැමීමට හෝ පෑස්සීමට සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

එළඹෙන සතිය පමණ වන විට එම කටයුතු අවසන් කර ගැනීමට හැකි වනු ඇති බවටද ඔවුන් විස්වාස කරති.

නමුත් මෙම බිද වැටීමෙන් හානි සිදුවීම මත දීර්ඝකාලීනව විටින් විට දෝෂ මතුවීමට ඉඩ ඇති නිසා ඒ හේතුවෙන් විදුලි කප්පාදු සිදු වීමට ඉඩ ඇති බවත් ඔවුන් කියා සිටිති.

මේ අතර නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගල්අඟුරු සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම මත ද එහි විදුලි නිෂ්පාදනයට ගැටලූ මතු වෙමින් තිබේ.

දැනට ගල් අඟුරු තොග සතුව ඇත ඉදිරි මාස දෙකකින් පමණ පසු ගල් අඟුරු සපයා ගැනීමද අර්බුදකාරී වී ඇත්තේ මෙරට ඩොලර් අර්බුදය හේතුවෙනි.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

Shiran Viraj

අගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ

Shiran Viraj

ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම

Shiran Viraj