mediahumanrights.lk
Local News News

තවත් ගෑස් පිපිරීමක්…

හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ රෙගුලේටරය පුපුරාගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

(30) දින පස්වරු 5 ට පමණ මෙම පිපිරිම සිදු වි ඇති බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.

ගැස් සිලින්ඩරය සහ ගැස් උදුන අතර සම්බන්ධ කර තිබු නලය කොටසකුයි මෙසේ පුපුරා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

නිවසේ සිටි පාසල් දැරියක් ගැස් උදුන දැල්විමට යාමේදි එකවරම ගැස් නලය සහ රෙගුලේටරය පුපුරා ගොස් ඇති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර , පැතිර ගිය ගින්න පාලනය කිරිමට වතු කම්කරුවන් සමත්වි ඇත.

ගින්නෙන් නිවසේ මුළුතැන්ගෙහි තිබු උපකරණ කිහිපයක්ද පිලිස්සි ඇත.

මිට සති දෙකකට පමණ ප්‍රථම ගැස් සිලින්ඩරය කොටගල ප්‍රදේශයෙන් මිල දි ගත් බව නිවසේ හිමිකරු කියයි.

පිපිරිම සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Shiran Viraj

දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාව

Shiran Viraj

රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා

Shiran Viraj