mediahumanrights.lk
Local News News

චීනය ශ‍්‍රී ලංකාව සමග අමනාප වේ…

දුකේදිත් සැපේදිත් ශ්‍රී ලංකාව සමග සිටි මිත්‍රයා චීන රාජ්‍ය අද වන විට ශ්‍රී ලංකාව සමග අමනාප වී සිටින බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර තොගයක් සහිත නැව දින හැත්තෑවක් පමණ කාලයක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැවතී සිටින බවද ඔහු පැවසීය.

එම පොහොර තොගය රට ඇතුළුට ගැනීමට සුදුසු බවක් අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් නැති බවටත් ප්‍රමිති ආයතනය පවසද්දී ශාක නිරෝධායන සේවය එම පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් ඇති බව පවසන්නේ යයිස අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ආයතන දෙකක් එකිනෙකට වෙනස් පරස්පර පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරද්දී චීන රජය ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල ශ්‍රී ලංකාවට පළ කර ඇති බව ද ඔහු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය වැය ශීර්ෂය විවාදයට පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..

Shiran Viraj

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Shiran Viraj

කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්

Shiran Viraj