mediahumanrights.lk
News Political

ඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා…

මෙරටට ඉන්ධන ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් රට වසා දැමීමට සිදුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එසේ රට වසා දැමීමට සිදුවීම විපක්ෂය පිටින් යැවීමට ආණ්ඩුව සූදානම් වන බවද ඔහු පැවසීය.

නමුත් ඒ සඳහා සමගි ජනබලවේගය ඉඩ නොතබන බව ද ඔහු කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂම මුදල් කළමණාකරනය හේතුවෙන් ඛණිජ තෙල් ගෙන ඒමට නොහැකි වී ඇති බවත් ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවටත් වන සත්‍ය තත්ත්වය ජනතාවට කිය යුතු බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Related posts

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේ

Shiran Viraj

සිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයි

Shiran Viraj

මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..

Shiran Viraj