mediahumanrights.lk
News Political

අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?

තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික නායකයන් සහ මවුලවිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.

‘එක රටක් එක නීතියක්’ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමෙන් පසු ඒ පිලිබද සාකච්ඡා කිරීම සඳහා මෙම ආගමික නායකයන් අමාත්‍යවරයා හමුවී තිබිණි.

සබ්රි මහතාද මෙම පත් කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කර ඇති අතර ඔහුගේ මතය වී ඇත්තේ අදාළ පත්වීම සෑම ජන වර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක් වනු ඇති බවයි.

එම කාර්ය සාධක බලකාය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් තමන්ට අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කර ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අලි සබ්රි මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පලවන වාර්තා අසත්‍ය බවයි

Related posts

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Shiran Viraj

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Shiran Viraj

තිස් වසරක කඳුළු පිස එදා විජයග්‍රහණ සැමරුවේ මෙලෙසයි

Shiran Viraj