27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Business Business News News Political

අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම පාහේ මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසරේදී මෙම තත්ත්වය මීටත් වඩා අසීරු වනු ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

අගුණුකොල පැලැස්සේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි ඒ මහතා මෙසේ කියා සිටියේය.

“රජයට මූල්‍යමය ගැටළුවකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපට අද අපි ගත් ණයවල වාරිකයයි පොළියයි ගෙවාගන්න නැවත ණය ගන්න වෙලා තියෙනවා. ඒ තරමට අපේ රට අද ආපස්සට ගිහිල්ලා තියෙනවා.

අත්‍යවශ්‍ය දේවල් සියල්ලම මිල වැඩිවෙලා, ඒක අපි දන්නවා. මේකට දැන් මුහුණ දෙන්න වෙනවා. මේක හෙට අනිද්දා ඉවර වෙනවා කියලා අපට කියන්න බෑ. මම නම් හොඳටම දකින දේ තමයි ලබන අවුරුද්දේ මීට වඩා අමාරු වෙන්න ඉඩ තියෙනවා.

ආණ්ඩුවට බනින බව අපි දන්නවා. නමුත් කරන්න දේකුත් නෑ මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා

දැන් ගෙවල් හදන එක හීනයක් බවට පත්වෙමින් යනවා. සෑම බඩුවකම මිල වැඩි වෙලා. ආහාරත් ආකාරයෙන්ම මිල වැඩි වෙලා. දිගටම අපිට මේක මුහුණ දෙන්න වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ආහාර හිගයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක ආහාර සංවිධානයක් කියා තිබෙනවා”

Related posts

සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයි

Shiran Viraj

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj

සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට

Shiran Viraj