mediahumanrights.lk
Local News News

අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..

කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිත වූ අජිත් රෝහණ මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ මහතා කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට මෑතක් වන තුරුම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.

Related posts

රත්තරං කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Shiran Viraj

අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයි

Shiran Viraj

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

Shiran Viraj