mediahumanrights.lk
Local News News

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඞ් – 19 මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වෙනසක් සිදු වී තිබේද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

‘‘කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයකුගේ මෘත දේහ තවදුරටත් ආදාහනය කෙරෙනවා. ගැසට් නිවේදනයට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙන් අනුව ඒ කටයුතු තවදුරටත් සිදුවෙනවා. මේකේ වෙනසක් කරනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමිය තමයි එයට මැදිහත් වෙලා එම ආදාහනය කිරීමට අදාළ ගැසට් එක සංශෝධනය කරන්න ඕනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ඒ ඒ රටවල්වලට දැනුම් දීලා තියෙන්නේ තම රටට ගැළපෙන ක‍්‍රමවේදයක් සකස් කරගෙන කොවිඞ් 19 මරණවලට අදාළ අවසන් කටයුතු සිදුකරන්න කියලයි. ඒ අනුව කොවිඞ් 19 වෛරසයෙන් මියගිය කෙනෙකුගේ අවසන් කටයුතු තවදුරටත් ආදාහනය කරනවා.

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී අපේ ජාතික කොඩි වෙනස් කරලා (PHOTOS)

Shiran Viraj

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුව

Shiran Viraj

මමත් දෙවෙනි කසාදයක් කරගත්තා -තාත්ත නිසා සංගීතෙ ඉගෙන ගෙන නෑ -ලෙලුම්

Shiran Viraj