mediahumanrights.lk
Local News News

මංතීරු නීතිය පරීක්ෂා කරන්න ගුවන් හමුදාවේත් සහය – කඩ කරන්නන්ට අද සිට නීතිමය පියවර

මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.

පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ සදහන් කළේ මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම හෝ ස්ථානීය දඩ නියම කිරීමට අද සිට පියවර ගන්නා බවයි.

මංතීරු නීතිය කඩකරන පුද්ගලයින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවේ ද සහාය ලබාගෙන තිබෙනවා.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවතින රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගත්තා. එය නිරීක්ෂණය කිරීම සදහා ආරක්ෂිත කැමරා සහිත පොලිස් ජංගම රථ ද යොදවා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj

අලි හා දුම්රිය ඒකාබද්ද කාලසටහනකට… අලුත් දුම්රිය කාලහටහන මෙන්න..

Shiran Viraj

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

Shiran Viraj