mediahumanrights.lk
News Political

‘මැතිවරණ අපේක්ෂකයන්ට අගතියක්’ – මහින්ද දේශප්‍රියගෙන් ජනාධිපති කොමිසමට ලිපියක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින් ඉන් පිටතට පැමිණ සිදුකරන ප‍්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බවයි.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති බැවින් මැතිවරණ නීතියට අනුව අදාළ ප‍්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට එලෙස අගතියක් සිදුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

එය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකියාව පවතින්නේදැයි සොයා බලන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත්තේ. එලෙස හැකියාවක් පවතින්නේ නම් වහාම අදාළ ක‍්‍රියාපටිපාටිය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවයි

Shiran Viraj

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

Shiran Viraj

විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මා කඳුළු සැලූ හැටි කැමරාවක සටහන් වෙයි – Video

Shiran Viraj