mediahumanrights.lk
Local News News

වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන් යානයක් දිවයිනට

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා , මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ  කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන එම ගුවන් යානය ඊයේ(10) සවස 6.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය තුළ මුඛ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ ඇතුළු සිරුරු ආරක්ෂක උපකරණ මෙන්ම තවත් වෛද්‍ය උපකරණ ද තිබූ බව, මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යුස්ටස් සිල්වා මහතා  සඳහන් කළේය.

මෙම වෛද්‍ය උපකරණ සියල්ල ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය වෙත භාර දීමට කටයුතු කළ බවද කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අකුණු වැදී ගවයින් මියයති..

Shiran Viraj

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

Shiran Viraj

වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

Shiran Viraj