mediahumanrights.lk
Local News News

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් රෝගය බෝවීමට කිසිඳු ඉඩක් නොමැති බව වෛද්‍යවරුන් තහවුරු කරනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ මෙවැනි දුර්මත හේතුවෙන් සිදුවන්නේ සමාජය තුළ අනවශ්‍ය බියක් ඇතිවීම පමණක් බවයි.

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ දරුවන්ට පාසල් වෙත පැමිණීමෙන් වළකින ලෙසට දන්වා ඇති බවටයි ඊයේ (02) වාර්තා පළ වුණේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම, ඉහත අදහස් පළ කළා.

රෝගය පැතිර යාම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

රෝගී සත්තාකරක සේවා සාර්ථකව සිදුවන බවද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්

Shiran Viraj

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Shiran Viraj

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Shiran Viraj