mediahumanrights.lk
International News News

16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්

යුරෝපා සංගමයට අයත් රටවල ජීවත් වන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ද සිය සමාජජාල මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට ‘‘වට්ස් ඇප්’’ සමාගම තීරණය කර තිබෙනවා.

දැනටමත් වයස අවුරුදු 13ට අඩු දරුවන්ට වට්ස් ඇප් මාධ්‍ය ජාලය භාවිත කිරීම් තහනම්. එම සමාගම මෙම තීරණයට එළඹ ඇත්තේ දත්තවල පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ලබන මාසයේදී නව විධි විධාන රැසක් ගෙන ඒමට සූදානම් වන පසුබිමකයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා රටවලට හැර සෙසු රටවලට වයස අවුරුදු 13 වයස් සීමාව වෙනස් කිරීමට වට්ස් ඇප් සමාගම කටයුතු නොකරනු ඇති බවටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..

Shiran Viraj

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවම

Shiran Viraj

අරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනට

Shiran Viraj