mediahumanrights.lk
News Political

දිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාව

අමාත්‍ය මනෝ ගනේෂන්ට අමතරව පී. දිගම්බරම් සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.
ඒ, පෙබරවාරී මස 11 වැනිදා දක්වායි.
බුද්ධි අංශ වාර්තා පදනම් කර ගනිමින් මෙලෙස ආරක්ෂාව ලබාදී ඇති බවයි පැවසෙන්නේ.
මීට අමතරව විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබුණේ ජනාධිපති, අග‍්‍රාමාත්‍ය සහ හිටපු ජනාධිපතිවරයාටයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන සාගර රත්නායක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරළ, තිලක් මාරපන, රිෂාඞ් බදියුදීන් සහ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන්ට ද මෙලෙස ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

Related posts

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් – ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්

Shiran Viraj

සුවකළ නොහැකි රෝගය විචිකිච්ඡාව

Shiran Viraj

අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

Shiran Viraj