mediahumanrights.lk
Local News News

බම්බලපිටියේ ගණිකා නිවසක් වටලයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අළුත්කඩේ අංක 03 අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ (22) රාත්‍රි කාලයේදි බම්බලපිටිය – ද ෆොන්සේකා පාර, අංක 19 ලිපිනයේ පිහිටි හොටලයක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.
එහිදී මෙහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අළුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්

Shiran Viraj

ඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්න…

Shiran Viraj

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj